gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

අවුරුදු 110ක් පැරණි ආච්චි කෙනෙක් කියලා දුන්නු ඒ රහස් කෙම් ක්‍රමය මෙන්න. ගෙදර ප්‍රශ්න ඔක්කොම ඉවරයි?

ජීවිතේ සමහර කාලවල් එනවා හැමදේම අවුල් වෙන. ලෙඩ රෝග, සල්ලි ප්‍රශ්න, රණ්ඩු සරුවල්... 

මේ හැමදේම එකපාරටම කඩාගෙන වැටෙද්දී අපි කියන්නේ "ගෙදරට මොකක් හරි ඇස්වහක් වත් වැදිලද?" කියලා.

අන්න ඒ වගේ ප්‍රශ්න වලින් පීඩා විඳින අයට, අවුරුදු 110ක් වයස වුණු පැරණි ආච්චි කෙනෙක් කියා දුන්නු රහස් කෙම් ක්‍රමයක් ගැන දැන් සමාජ මාධ්‍යවල ලොකු කතාවක් ඇති වෙලා තියෙනවා.

මේක හරියටම කරනවා නම් පිළිපදින්න ඕනේ නීති මාලාවක් තියෙනවා. මේකෙන් වෙන්නේ පවුලේ අයගේ ඇස්වහ දෝෂ නැති වෙන එකලු.

අලුත්ම මැටි පහනක් අතට ගත්ත වෙලාවේ ඉඳන් මේ වැඩේ ඉවර වෙනකම් කිසිම කෙනෙක් එක්ක කතා කරන්න තහනම්. මැටි පහනට පහන් වැටියක් දාලා, ඒකට ගම්මිරිස් ඇට හතක් දාන්න ඕනේ. ඊට පස්සේ පොල්තෙල් දාලා සූදානම් කරගන්න. නිවස ඇතුළත, ප්‍රධාන උළුවස්ස සහිත දොර මුල්ලේ මේ පහන දල්වන්න ඕනේ.

පහන දල්වලා ඉවර වෙලා "මගේ ගෙදර අයට යහපතක් වේවා" කියලා හිතින් හිතන්න.

මේ විදිහට එක දිගට දවස් 21ක් දිනපතා පහන දැල්වීම කළොත් ගොඩක් සුබ ප්‍රතිඵල ලැබෙනවා කියලා තමයි පැරැන්නන් කියන්නේ. හැබැයි මතක තබා ගත යුතු වැදගත්ම දේ තමයි, පවුලේ හැමෝම එකමුතුව ධර්මානුකූලව ජීවත් වෙනවා නම් මේ වගේ කෙම් ක්‍රම අවශ්‍ය වෙන්නේ නැති බව.

විශ්වාස කරන හෝ නොකරන එක ඔබ සතුයි, හැබැයි අතීතයේ මිනිස්සු මේවා අත්දුටු රහස් කියලා තමයි ආරංචිය.

අන්තරජාලයෙන්

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka