gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

යාළුවාගේ ගර්ල්ෆ්රෙන්ඩ් ගේ නිරුවත් ඡායාරූප WhatsApp ග්රූප් එකකට දැම්මට මාස 6ක සිරදඬුවම් – දඩේකුත් ගසයි

තම මිතුරාගේ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ වෙනත් මිතුරන් සමඟ බෙදා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ තරුණයකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම වසර දහයක කාලයකට අත්හිටවූ මාස හයක සරල සිර දඬුවමක් ඊයේ (23) නියම කළේය.

වින්දිත කාන්තාවට වන්දි වශයෙන් රුපියල් 75,000ක් ගෙවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියෝග කළේය.

අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණුවලට අනුව, පැමිණිලිකාරිය සහ ඇගේ පෙම්වතා ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය කලකට ඉහත අවසන් කර තිබේ.

සම්බන්ධය අවසන් කිරීමෙන් පසුව වුවද මුල් කාලීනව හඳුනාගත් හැඳුනුම්කම මත පැමිණිලිකාරිය සහ සැකකරු නිතර නිතර සන්නිවේදන සබඳතා පවත්වාගෙන ගොස් තිබේ.

මෙම කාලය තුළ, පැමිණිලිකාරිය තමාගේ නිරුවත් ඡායාරූප සැකකරුට යවා ඇත.

සැකකරු පසුව එම ඡායාරූප ඔහුගේ මිතුරන්ගෙන් සමන්විත WhatsApp කණ්ඩායමක බෙදා ගෙන තිබේ.

සිද්ධිය පිළිබඳ දැනගත් පසු, පැමිණිලිකාරිය පරිගණක අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඥවරයා සඳහන් කළේ සැකකරු පැමිණිලිකාරියට කිසිදු තර්ජනයක් හෝ අනවශ්‍ය බලපෑමක් කර නොමැති අතර ඔහු මුල් අවස්ථාවේදීම වරද පිළිගෙන ඇති බවයි.

ඒ අනුව ලිහිල් දඬුවමක් ඉල්ලා සිටින බවත් නීතිඥවරයා අධිකරණයට තවදුරටත් දැනුම් දුන්නේය.

සියලු තත්ත්වයන් සළකා බැලීමෙන් පසු, සැකකරුට මාස හයක සරල සිර දඬුවමක් නියම කර, එය වසර දහයකට අත්හිටුවනු ලැබූ අතර, පැමිණිලිකාරියට වන්දි වශයෙන් රුපියල් 75,000ක් සහ රුපියල් 2,500ක දඩයක් ගෙවීමටත් මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

අධිකරණය විසින් පැනවූ වන්දි මුදල ගෙවීම සඳහා සැකකරුට මාසයක කාලයක් ලබා දෙන ලෙස විත්තියේ නීතිඥවරයා තවදුරටත් ඉල්ලා සිටියේය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka