gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

විශ්‍රාම වැටුප අහිමි කිරීමේ දුක කියා විශ්‍රාමික මන්ත්‍රීන් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ට ලියුමක් ලියයි

විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති හෙයින් ඒ සඳහා මැදිහත් වන්නැයි  විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව   ඇමරිකානු ජනාධිපතිවරයාගෙන්  සහ ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම ඉල්ලීම කර ඇත්තේ  එම රාජ්‍ය නායකයන් දෙදෙනාට පෞද්ගලිකවම  ලිපි යොමු කරමිනි.

මෙයට අමතරව ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට  සහ  අන්තර් පාර්ලිමේන්තු සංගමයටද මේ සම්බන්ධයෙන් දැනුම් දුන් බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ  මහතා පැවසීය.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව හිටපු මන්ත්‍රීවරුන් විස්සක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණයට විරෝධතා පෙත්සම් බාරදීමට නියමිත බව  පැවසූ හිටපු මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනටමත් පෙත්සම්  කීපයක් භාරදී ඇති බවද සඳහන් කළේය.

විධායකයට අධිකරණයට විශ්‍රාම වැටුප හිමි නම් ව්‍යවස්ථාදායකයකට එම අයිතිය අහිමි කිරීම අසාධාරණ බවත්  මේ සම්බන්ධයෙන් මෙරට අධිකරණයෙන් සාධාරණයක් යුක්තියක් ඉෂ්ට වනු ඇතැයි බලාපොරොත්තුවන බවත් ප්‍රේමසිරි මානගේ මහතා පැවසීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත්  කෙටුම්පතට එරෙහිව  පෙත්සම් ඉදිරිපත් කිරීමට පසුගිය 7  වැනිදා සිට
දින 14 ක කාලයක් ලැබී ඇත.

පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා  අමාත්‍ය නීතිඥ හර්ෂණ  නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 7 වැනිදා  ඉදිරිපත් කෙරිණ. පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය
ලබන මස අග  පැවැත්වීමට නියමිතය.

මෙම පනත්  කෙටුම්පත  සම්මත වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 512 කගේ විශ්‍රාම වැටුප අහිමි වී යනු ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka