gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

සේවිකාවක නිරුවත් කර වීඩියෝ කළ බොරැල්ලේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක් කොටු වෙයි

තම නිවසේ සේවය කළ කාන්තාවක පිරිසක් ඉදිරියේ නිරුවත් කර, එම දර්ශන වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ නින්දිත සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාර ව්‍යාපාරිකයා සහ ඔහුට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

පසුගිය දිනවල WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වූ අමානුෂික වීඩියෝවක් සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය වහාම විමර්ශන ආරම්භ කළේය. එහිදී අනාවරණය වූයේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකු විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි.

අත්අඩංගුවට ගැනීම මඟහැරීම සඳහා සැකකරු දිවයිනේ විවිධ ප්‍රසිද්ධ හෝටල්වල සැඟව සිට ඇති අතර, පොලිස් කණ්ඩායම් කිහිපයක් දියත් කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ඊයේ (18) දින හික්කඩුවේ පිහිටි හෝටලයකදී ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරුට සැඟවී සිටීමට සහාය වීම සහ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත ඇහැලියගොඩ පදිංචි 44 සහ 55 වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුට විදේශගත වීම තහනම් කරමින් අලුත්ගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka