gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

බීමතින් හත් හැවිරිදි දැරිය දුෂණය කලැයි අයෙකු අත්අඩංගුවට!

තෛපොංගල් දිනය පැවති (15) දින 7 හැවිරිදි පාසල් දැරියක් දුෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 35 හැවිරිදි තරුණයෙකු නාවලපිටිය පොලිසිය මගින් (16) දින සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.
නාවලපිටිය වෙස්වෝර්ල්ඩ් වතුයායේ රිලාගල කොටසේ පාසල් දැරිය සහ සැකකරු පදිංචි බවත්, (15) දින පස්වරුවේ බීමත්ව සිටි සැකකරු පාසල් දැරියව නිවසින් මිටර් 500ක් පමණ එපිටට රැගෙන ගොස් දුෂණය කර එම පාසල් දැරියව එම ස්ථානයේම දමා ගොස් ඇත.

නිවසේ සිටි පාසල් දැරිය නොමැති බව ඥාතින් සහ එම වතුයායේ පදිංචි වතු කම්කරුවන් එක්ව සෙවීමේදි වතු නිවසට ඉහළින් දැරියක් කෙදිරිගසන ශබ්දය ඇසී සොයා බැලීමේදි අතුරුදහන්ව සිටි දැරිය ඥාතීන් විසින් පැය 4කට පමණ පසු සොයා ගෙන ඇත.

එම දැරිය විසින් සැකකරුගේ නම ප්‍රකාශ කිමෙන් පසු ඥාතීන් විසින් ඒ පිලිබදව නාවලපිටිය පොලිසියට පැමිණිලි කර පාසල් දැරිය නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම පාසල් දැරිය වැඩි දුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය ළමා රෝහල වෙත යොමු කර ඇත.

ගම්පොළ කොට්ඨාශභාර සහකාර පොලිස් අධිකාරි එච්.එම්.ඩී. හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එම්. කුලතුංග මහතා එහි විමර්ෂණ කටයුතු සිදු කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

- රංජිත් රාජපක්ෂ

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka