gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

”රටම දන්නවා මගෙ නහයෙ පොඩි තුවාලයක් වුණා කියලා... ඇත්තටම මම වැටුණා... තුවාලෙ කැළල තවම තියෙනවා…” – දේශානි නෙහාරා

රටේ ජනප්‍රිය චරිත ගැන විමසිල්ලෙන් පසුවන කාටත්, පහුගිය දවස්වල තිබුණු ප්‍රශ්නයක් තමයි ජනප්‍රිය රංගන ශිල්පිනි දේශානි නෙහාරගෙ නාසයට මොකද වුණේ කියන එක.

ඒ ගැන කවුරුත් කතා වුණේ, ආන්දෝලනාත්මක සටහනක් එක්ක නාසයට ප්ලාස්ටරයක් දැමූ සේයාරුවක් ඇය සමාජ මාධ්‍යයට එක්කිරීමත් එක්ක.

සටහන සහ ඡායාරූපය අතර යම් සම්බන්ධයක් ඇති බවටත් බොහෝ දෙනා උපකල්පනය කරලා තිබුණා.

කොහොම නමුත්, තමන්ට ඇත්තටම වුණේ මොකක්ද කියලා, දේශානි පළමුවරට ප්‍රසිද්ධ කරලා.

ඇය මේ කතාව කියලා තිබුණෙ නාසයේ තුවාලයට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවක…

”රටම දන්නවා මගෙ නහයෙ පොඩි තුවාලයක් වුණා කියලා. නහය කැඩිලා නැහැ. ඇත්තටම මම වැටුණා. ඒකෙ තුවාලෙ කැළල තවම තියෙනවා. බලමු ප්‍රතිකාරවලින් නහය ආයෙ යථා තත්ත්වයට පත්කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉදිමිලත් තියෙනවා චුට්ටක් නහය. සති තුනක් වෙනවා, තාම අඩු වුණෙත් නෑ….”

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka