gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

දේශානි ඉසුරු බ්‍රේක් අප් එක ප්‍රෑන්ක් එකක්ද? - දේශානිට ප්‍රේක්ෂකයින් හොඳවයින් අමතයි

පහුගිය දවස්වල සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් කතාවක් තමයි ඉසුරු - දේශානි පෙම් කතාව. ගහගෙන බැනගෙන නිමා වුණා කියලා පෝස්ටර් ගහපු එ ප්‍රේම හුටපටේ ඔන්න ආයෙත් අලුත් කරමින් කරලියට ඇවිල්ලා.

ඒ නිකන් නෙවෙයි, දේශානිට වෙච්ච අසාධාරණයට කඩු කිණිසි උස්සන් උරණ වුණු කට්ටියගේ වැහිලා තිබ්බ ඇස් හොඳ හැටි විවෘත කරලා කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ.

ඒකට හේතුව මෙන්න මේකයි. විවෘත කරපු මහනුවර 'ඩෝප් හවුස්' නමින් බාර් එකේ සමාරම්භක උත්සවයට ආරාධනා කර තිබූ ශිල්පීන් අතර මේ දෙන්නාත් හිටියා.

උත්සවේ දී මේ දෙන්නා අසුන් ගත්තේ සෙල්ෆි ගැසුවේ සිනාසුනේ එකට. ඒකත් එක්ක දේශානිගෙයි ඉසුරුගෙයි මේ හැසිරීම, සියල්ල අමතක කර එකට සිටීම ප්‍රේක්ෂකයින් රැවටීමට ලක්කිරීමක් විදිහට මේ වෙද්දි නැවත කථාබහක් මතු කරලා තියෙනවා.

මේ අතර පසුගිය (10) දේශානි සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් “Tolerance doesn’t mean weakness.” (ඉවසීම යනු දුර්වලකමක් නොවේ.) යනුවෙන් සඳහන් කර මහනුවර උත්සවයට පෙනී සිටි ඇඳුමින් ඇයගේ පමණක් ඡායාරූප කිහිපයක් පළ කර තිබුණා.

හැබැයි ඒකට නම් අනුකම්පාව වෙනුවට ඇයට ලැබුණේ පාඨකයින්ගේ විවේචන. ඒ ඇය ප්‍රේක්ෂකයින්ව රැවටීමකට ලක් කර ඇති බවට‍යි.

එමෙන්ම ඇය වෙනුවෙන් මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි රසිකයින් කියන්නේ ඇයගේ පෙර හැසිරීම් සහ ප්‍රකාශ විශ්වාස කරමින් ඇය වෙනුවෙන් කතා කළ තමන්, මෙම හදිසි වෙනස්වීම හමුවේ අපහසුතාවයට පත් වූ බවයි.

ඒ විතරක් නෙවෙයි පෞද්ගලික ගැටලු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරමින් රටටම පුවත් මවා, නැවත කිසිත් නොවුණාක් මෙන් හැසිරීම සමාජය ඉදිරියේ රඟපෑමක් ලෙසට ද ඔවුන් හඳුන්වයි. 

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka