ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනය පලාලි ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටියදී, ඉතා සීමිත ආරක්ෂක පිරිසක් සමග මාර්ගයක ඇවිදීමේ ව්‍යායාමයේ නිරත වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ අවධානයට ලක්ව තිබේ.
අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා සැහැල්ලු ඇඳුමකින් සැරසී උදෑසන ව්‍යායාමයේ නිරත වන ආකාරයයි.
එහිදී මාර්ගය අසල සිටි පුද්ගලයෙකු ජනාධිපතිවරයාට "Good Morning" (සුබ උදෑසනක්) යනුවෙන් පවසමින් සුබ පතා ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා දෙමළ භාෂාවෙන් "නාන් පෝයිට්ටු වාරේන්" (මම ගිහින් එන්නම්) යනුවෙන් පවසා තිබේ.
