gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඩකා නුවර ට්‍රැෆික් නිසා ඇමැති විජිතට කලීඩාගේ අවමඟුල මිස් වෙලා!

බංග්ලාදේශයේ හිටපු අගමැතිවරියක වූ අභාවප්‍රාප්ත බෙගම් කලීඩා සියාගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා බංග්ලාදේශය බලා ගිය විදේශ අමාත්‍ය විජිත හේරත්ට එම අවමගුල් උත්සවය මගහැරී ඇති බව වාර්තා වේ.

ඇමතිවරයා රැගත් ගුවන් යානය 31 වැනිදා පෙරවරු 9.20ට බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළෙන් පිටත් වී පස්වරු 1.00ට ඩකා නුවරට ගොඩ බැස තිබිණි.
එම නිසා පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතව තිබූ අවමංගල්‍ය උත්සවයට යෑමට ඔහුට ඉතිරිව තිබී ඇත්තේ පැයක් පමණ කාලයකි.

ගුවන්තොටුපළෙන් පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබුණද, අභාවප්‍රාප්ත අග්‍රාමාත්‍යවරියට ගෞරව දැක්වීම සඳහා පැමිණි විශාල ජනකායක් හමුවේ අමාත්‍ය හේරත් රැගත් රථ පෙළපාලියට ඉදිරියට යා නොහැකි වී තිබේ.

රථවාහන තදබදයට හසුවීම නිසා රාජ්‍ය අවමංගල්‍ය උත්සවය මග හැරුණු එකම විදේශීය ප්‍රභූවරයා අමාත්‍ය හේරත් නොවේ.

ඉන්දියාවේ, නේපාලයේ, මාලදිවයිනේ සහ භූතානයේ අමාත්‍යවරුන් ද එම තත්ත්වයට මුහුණ දී තිබිණි.

අවසානයේ, අමාත්‍ය හේරත් සහ අනෙකුත් විදේශීය සම්භාවනීය අමුත්තෝ සියා පවුලේ සාමාජිකයන් පෞද්ගලිකව හමුවී ඔවුන්ගේ ශෝකය පළ කළහ.

ඔහු බංග්ලාදේශ රජයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් ද හමු වී තිබේ.

ඉන්පසු ඔහු දිවංගත නායිකාවගේ පුත් සහ ඇගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ සභාපති තාරික් රහ්මාන් හමුවිය.

රහ්මාන් පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණයෙන් පසු අගමැති ධුරයට පත්වීමට සිටින ප්‍රමුඛ අපේක්ෂකයන්ගෙන් කෙනෙකි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka