gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

මෙවර ලෝක ආර්ථික සමුළුවට ඇමති හදුන් ගෙදර තියා අගමැතිනි යයි

ස්විට්සර්ලන්තයේ දාවොස්-ක්ලෝස්ටර්ස් (Davos-Klosters) හිදී සංවිධානය කර ඇති 56 වන ලෝක ආර්ථික සමුළුවට එක්වීම සඳහා අග්‍රාමාත්‍යවරිය අද (19) පෙරවරුවේ දිවයිනෙන් නික්ම ගියාය. 

ජනවාරි 19 වනදා සිට 23 වනදා දක්වා පුරා දින පහක් තිස්සේ මෙම වාර්ෂික සැසිය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර සමුළුව සඳහා පාදක වී ඇති මූලික තේමාව වන්නේ ‘සංවාදයේ ස්පන්දනය’ (A Spirit of Dialogue) යන්නයි. 

මෙම සුවිශේෂී ජාත්‍යන්තර සමුළුව සඳහා විවිධ රටවල රාජ්‍ය නායකයින්, ලොව ප්‍රමුඛතම බහුජාතික සමාගම්වල විධායක නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සහ නව නිපැයුම්කරුවන් ඇතුළුව 3,000කට අධික නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍යවරියගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ සමුළුවට සහභාගී වීමට අමතරව, එහි පැමිණෙන විදේශීය රාජ්‍ය නායකයින්, ජාත්‍යන්තර සංවිධානවල ඉහළ පෙළේ නිලධාරීන් සහ අනෙකුත් විශේෂිත ආරාධිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමයි.

 ගෝලීය සහයෝගීතාවය වර්ධනය කරගැනීම ඉලක්ක කරගත් ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් රැසක් මීට ඇතුළත් වේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka