gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

“පාන්දර එකට විතර එක පාරටම මට ඇහැරුණා.. එතකොට ගිහාන් ඇඳේ හිටියේ නෑ..” මධුසමයට ගිය මනාලයා අතුරුදන්.. මනාලිය ඇඬූ කඳුළින් කියන කතාව..

මධුසමය ගත කළ රාත්‍රියේ මනාලයා හෝටල් කාමරයෙන් අතුරුදන් වී ඇතැයි කියමින් මනාලිය නැටූ ජවුසමක් පිළිබඳව අපූරු කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබෙනවා.

ඔවුන් විවාහ වූයේ මේ ඊයේ පෙරේදාය. මධුසමය ගත කිරීමට ගියේ ලොකු හෝටලයකටය . රාත්‍රියේ කෑම කාබී ඔවුහු දෙදෙනා නින්ද ට ගියහ. මනාලිය මහ රෑ හදිසියේම අවදි වන්නේ ඔය අතරේදීය.

ඇය කළුවරේම සිය යහන අතපත ගෑවේ මනාලයා සිටිනවාදැයි සෙවීමටය. තමා සමග යහන්ගත වූ මනාලයා දක්නට නොලැබීමෙන් මනාලිය එකවරම බියට පත්වූවාය.

ඒ සමගම ඔහු ගැන සොයා බැලුවාය. අවශ්‍යතාවකට නාන කාමරයේ ඇත්දැයි විදුලි පහන් දල්වා බැලුවාය. එහිදී ඔහු දක්නට නොලැබූ තැන මනාලියගේ බිය දෙගුණ තෙ ගුණ විය.

ඇයගේ හෘද ස්පන්දනය පිටට ඇහෙන තරම්ය . ඒ සමගම මනාලිය සිය හෝටල් කාමරයේ දොර ගැහෙන හදවතින් යුතුව රාත්‍රී ඇඳුම පිටින්ම විවෘත කළේ කළ හැකි වෙනත් විකල්පයක් නොවූ හෙයිනි. සිය හෝටල් කාමරයට යාබද කාමරයක විදුලි පහන් දල්වා පොඩි පහේ කතා බහක් ඇයට ඇසෙනුයේ මේ අතරය.

ඇය හෙමිහිට ඒ කාමරයට කිට්ටු කළාය. දොරට කන්දුන්නා ය. මනාලයාගේ කටහඬද ඒ අතරින් පතර ඇසුණාය. මනාලිය දොරට තට්ටු කළාය.

සිය මනමාලයා මිතුරන් දෙතුන් දෙනෙකු සමග මධුවිත පානය කරමින් සිටිනු දුටු ඇය යක්ෂාවේශ වූවාය.

රාත්‍රී ඇඳුම පිටින්ම නොපීරූ කෙස් වැටියද සහිතව මනාලයාගේ ඇඟට කඩා පැන්නේ යකින්නක ලෙසය.

ඔහුට තඩි බාමින් සපාකෑවේ ඊරි යක්ෂණියක මෙනි. එයින් නොනැවතුණු මනාලිය මනාලයා සමග සිටි මිතුරන්ගේද ඇඟට කඩා පැන තඩිබෑවේ ඔවුනට ද දුවන්න පාරවල් සොයා ගත නොහැකි ආකාරයටය.

මනාල මිතුරු තමන්ගේ පිට්එකට ඔවුන් සිටි හෝටලයේම කාමරයක් ගෙන එදින රෑ ලැගුම් ගෙන තමන් මුහුණ පෑ සිද්ධිය එදා උදේම මේ මිතුරන් පිරිස කීවේ ආයෙත්නම් මේ වගේ දේ වල් නොකරන බවට පොරොන්දු වෙමින්ලු.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka