පුළුල් අවදානම් තක්සේරුවක් සිදුකරන තෙක් අම්බුළුවාව පාරිසරික කලාපය තුළ සියලුම ඉදිකිරීම් කටයුතු වහාම අත්හිටුවන ලෙස පරිසර අමාත්‍යාංශය මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර ඇත.
ප්‍රදේශයේ ඇති විය හැකි පාරිසරික හා ආරක්ෂක අවදානම් පිළිබඳ කනස්සල්ල මධ්‍යයේ මෙම නියෝගය නිකුත් කර ඇත.
අමාත්‍යංශය මීට පෙරද මෙවැනි නියෝගයක් නිකුත්කර තිබුණද අධිකාරිය එය ක්‍රියාත්මක කර නොමැති බව වාර්තා වේ.
