gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

විවාහ සහතිකේට බොරු තොරතුරු දාලා – දෙවැනි මහත්තයා මැරිච්ච පළවෙනි මහත්තයාගේ නමත් අරන් – ප්‍රා.ලේකම්වරියට වැඩ වරදීද?

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දැනට සේවය කරන ප්‍රාදේශීය ලේකම්වරියක් ඇගේ විවාහය සම්බන්ධයෙන් වංචනික ලියකියවිලි සකස්කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එම්. නිශාන්ත විසින් පැමිණිල්ල ගොනු කිරීමත් සමග මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක පරීක්ෂණ ආරම්භ කිරීමට බලධාරීන් යොමු වී ඇති බව පොලිසිය පවසයි.

මූලික විමර්ශනවලදී හෙළි වූ තොරතුරුවලට අනුව, රත්නපුර දිස්ත්‍රික්කයේ උපන් තැනැත්තියක වන ප්‍රාදේශීය ලේකම්වරිය 2014 ජූලි මාසයේදී හමුදා මාණ්ඩලික නිලධාරියකු සමඟ විවාහ වී තිබේ.

විවාහයෙන් මාස දහයකට පමණ පසු 2015 පෙබරවාරි මාසයේදී ඇගේ සැමියා මියගොස් ඇත.

ඔහුගේ මරණයෙන් මාස අටකට පමණ පසු, ඇය තම මියගිය සැමියාගේ පෞද්ගලික සහායක ලෙස සේවය කළ සොල්දාදුවකු සමඟ දෙවැනි වරට විවාහ වී ඇත.

ඒ වන විට ඇය වැන්දඹුවක් වුවද, දෙවැනි විවාහ සහතිකයේ ඇගේ සිවිල් තත්ත්වය ‘අවිවාහක’ ලෙස සටහන් කර ඇති බව කියනු ලැබේ.

දෙවැනි විවාහයෙන් දරුවන් දෙදෙනෙකු උපත ලබා ඇති බවත්, මියගිය පළමු සැමියාගේ නම එම දරුවන්ගේ උප්පැන්න සහතිකවල පියා ලෙස ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.

2018 දී, දෙවැනි සැමියා ප්‍රාදේශීය ලේකම්වරියගේ මියගිය පළමු සැමියාගේ නමට ගැළපෙන පරිදි ඔහුගේ නම වෙනස් කර, පළමු සැමියාගේ වාසගම සහ නමම භාවිතා කළ බව කියන කාරණය සම්බන්ධයෙන් ද විමර්ශකයන්ගේ අවධානය යොමු වී තිබේ.

ඔහු උප්පැන්න සහතිකයේ 13 වැනි වගන්තිය යටතේ මෙම වෙනස දෙවැනි වරටත් සිදුකර ඇති බව වාර්තා වේ.

අදාළ ලේඛන සකස් කිරීමේදී සහ භාවිත කිරීමේදී අපරාධමය වැරදි සිදුකර ඇත්දැයි තීරණය කිරීම සඳහා පරීක්ෂණ අඛණ්ඩව සිදුකෙරෙන බව පොලිසිය පැවසීය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka