gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

පෙමින් බැඳුණු තරුණයා සිසුවියක් අඹුකමට අරන්.. ඔවුන්ට උදව් කළ අඹුසැමි යුවලකුත් අත්අඩංගුවට!

ඇයගේ ජීවිතයට මේ වගේ ඉරණමක් අත්වුණේ කාගේ වරදින්ද?

මව්පියන්ගේ නෙත් මානයෙන් ගිලිහුණු ඇයට ඔහු නිසා සිදුවුණේ අසාධාරණයක්ද?

මේ අන්න ඒ සිද්ධිය ගැන ඇසෙන සංවේදී කතාවයි. 

අවුරුදු 15යි මාස 06ක දැරියක නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර අපයෝජනය කළ තරුණයකු සහ ඊට අනුබල දුන් අඹුසැමි යුවළක් පෙරේදා (08 දා) පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් වාර්තා වෙනවා.

සැකකරු දැරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර 2025/07/23 වෙනි දින දැරිය නිවසෙන් පිටතට කැඳවාගෙන රැගෙන ගොස් බෝඩිමක නතර වී සිට ඇති අතර එහිදී ඔවුන් අඹු සැමියන් ලෙස හැසිරී තිබෙන බවට වාර්තා වෙන්නේ. පසුව 2025/12/23 දක්වා එහි සිට දැරියව නැවත තම නිවස ප්‍රදේශයේ හඳුනන නිවසකට කැඳවාගෙන ගොස් එහිදීද දෙදෙනාගේම කැමැත්ත ඇතිව වරින් වර අඹුසැමියන් ලෙස හැසිරී තිබෙනවා.

මේ සඳහා එම ප්‍රදේශයේ අඹුසැමි යුවළකගේ අනුබලය ලැබී ඇත. පසුව දැරිය නැවතත් 2026/01/07 දා රාත්‍රී තමා පදිංචි නිවසට පැමිණ ඇති අතර එහිදී දැරියගේ මව විසින් දැරියව පොලිසියට රැගෙන ගොස් සිද්ධිය පොලිසියට පවසා තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු සහ ස්ත්‍රී දූෂණයට අනුබල සහ රැකවරණය දුන් අඹුසැමි යුවළ පොලිස් භාරයට ගෙන ඇති අතර, දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

සැකකරුවන් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, කුඩාඔය පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka