gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

වෙනිසියුලාව වගේම තෙල් තොගයක් මන්නාරමෙන් ගොඩ ගන්න ඉන්දියාව සැරසේ!

මන්නාරම් බොක්ක ආශ්‍රිතව පවතින ඛනිජ සම්පත් ප්‍රයෝජනයට ගැනීම සඳහා වන ගෝලීය ටෙන්ඩර් කැඳවීමට රජය සූදානම් වෙයි.
මේ පිළිබඳ තොරතුරු අනාවරණය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, අදාළ සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය ආයෝජන දිනාගැනීමේ කටයුතු ඉදිරි කෙටි කාලය තුළ ආරම්භ කරන බවයි.

අදාළ ලංසු කැඳවීමේ කටයුතු පසුගිය මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද, ඒ සඳහා අවශ්‍ය නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබීම පමාවීම හේතුවෙන් එම කටයුතු මඳක් පස්සට ගොස් ඇත.

මන්නාරම් ද්‍රෝණියේ හඳුනාගත් කලාප හතරක් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට නියමිතය. ඒ සඳහා ඉන්දියාව සහ කටාර් රාජ්‍යයේ ප්‍රධාන පෙළේ සමාගම් දැනටමත් සිය උනන්දුව පළ කර තිබේ.

මීට පෙර සිදුකළ ගවේෂණ මගින් ශ්‍රී ලංකාව සතු තෙල් සහ ගෑස් නිධිවල වාණිජමය වටිනාකම තහවුරු කර ඇත. විශේෂයෙන්ම 2021 වසරේ නිකුත් වූ නිල වාර්තාවලට අනුව, මෙම සම්පත්වල සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 267ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තිබේ.

නිල වශයෙන් ලංසු කැඳවීම නිවේදනය කළ දින සිට උනන්දුවක් දක්වන ජාත්‍යන්තර ඛනිජ සමාගම්වලට ඒ සඳහා ඉදිරිපත් වීමට මාස හයක පමණ කාලයක් ලබා දීමට නියමිතය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka