gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

සෙව්වන්දිගෙන් තවත් ප්‍රශ්නයක් - තවත් පරීක්ෂණයකට අවසර ඉල්ලපු හේතුව මෙන්න

කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (7) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ, පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර මුහුණු පරීක්ෂණයක් සිදු කිරීමට අවසර දෙන්නැයි කරුණු දක්වා ඉල්ලීමක් සිදු කර ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා ප්‍රශ්න කළ සෙව්වන්දි සැකකාරියට සමාන රුවක් ඇතැයි කියන නන්දකුමාර් තක්ෂි සැකකාරිය සහ සෙව්වන්දි සැකකාරියට ඉන්දියාවට පලා යෑමට ආධාර අනුබල දුන් බව කියන අජිත් කුමාර සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා.

එසේම පැමිණිල්ලේ 34 සහ 39 සැකකරුවන් වශයෙන් මොවුන් නම් කරන බව පැවසූ පොලිසිය, විමර්ශන අවසන් නොමැති හෙයින් එළඹෙන 09 දින තෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා ඇත.

මේ අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ අපරාධ කොට්ඨාසය කරුණු දක්වමින් සැකකාර ඉෂාරා සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා ප්‍රශ්න කරන බවත් ,අද (08)දිනය තුළදී රජයේ රස පරීක්‍ෂක කාර්යාලයේ ඩිජිටල් අංශය වෙත යොමු කර "මුහුණු පරීක්ෂණයක් "කිරීමට නියෝග නිකුත් කරන ලෙසටත් ඉල්ලා තිබෙනවා.

එහෙත් කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට දන්වා සිටියේ සැකකාර සෙව්වන්දි තවමත් පොලිසියේ රඳවා ප්‍රශ්න කරන බැවින් අදාළ නියෝගය මේ අවස්ථාවේදී නිකුත් කළ නොහැකි බවත්,සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ ඉල්ලීම් සිදු කරන ලෙසයි.

මේ අතර අධිකරණයට ඉදිරිපත් කළ තක්ෂි සහ අජිත් සැකකරුවන් සඳහා පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරුවන්ට එරෙහිව ඇති ආධාර අනුබල දීමේ චෝදනාව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි පොලිසිය මඟින් ඉදිරිපත් කර නොමැති බවයි.

මෙම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් සැකකරුවන් එළඹෙන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka