gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඉදිරි පැය 24 තීරණාත්මක වෙයි ද? - පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 490ක් දුරින් ස්ථාපිත වෙයි

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ (07) රාත්‍රී 11.30 වන විට පොතුවිල් සිට 490kmක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.3°N සහ දේශාංශ 86.0°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 24 තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ලගාවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බවටයි සඳහන් වෙන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතිනවා.

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශ වල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. (50-75)ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු - මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි. මී. (50-60) පමණ තද සුළං ඇති විය හැකි බවටයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka