gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ශිරන්තිට ලැබුණු අමුතුම උපන්දින තෑග්ග...

හිටපු ජනාධිපති ආර්යාවක වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ ජන්ම දිනය යෙදී ඇති අද (23) දිනයේම, ඇයට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් විශේෂ ලිපියක් යොමු කර තිබේ. 

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හරහා මෙම දැනුම් දීම සිදු කර ඇති අතර, ඒ අනුව තංගල්ල කාල්ටන් නිවසේ පදිංචි ඇයට ඉදිරි දිනකදී ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණෙන ලෙස නියෝග කර ඇත.

මෙම කැඳවීම සිදු කර ඇත්තේ ඇය යටතේ පැවති "සිරිලිය සවිය" සංවිධානයේ ලියාපදිංචිය, එහි ක්‍රියාකාරීත්වය සහ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් දැනට පවතින විමර්ශනයකට අදාළවය. අදාළ කරුණු පිළිබඳව පූර්ණ දැනුවත්භාවයකින් යුතුව විමර්ශන හමුවට පැමිණෙන ලෙස ඇයට වැඩිදුරටත් දැනුම් දී ඇති බව වාර්තා වේ. 

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka