ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි සාමාජිකයකු බව කියන රංජිත් කුමාර හෙවත් කොණ්ඩ රංජි සමඟ තවත් පුද්ගල ඝාතන සිද්ධියකට පොලිසියට අවශ්‍යව සිටි අයකු හා වංචා කිරීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ඇල්පිටියේ සිදු වූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ ඌරගත ඉන්දික නම් අපරාධකරුගේ සමීපතමයෙක්වන රවීන් චමින්ද වීරසිංහ හෙවත් පුංචා නම් අපරාධකරු මෙසේ කොටුවී ඇති බව පැවසේ.
ඒ අනුව මෙම සැකකරුවන් රැගෙන ඒමට කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් 6 දෙනෙකු ඩුබායි රාජ්‍ය බලා මේ වන විට පිටවගොස් ඇති බවද වාර්තා වේ.
එමෙන්ම කොණ්ඩ රංජි නැමැත්තා ද සිය අත්අඩංගුවේ පසුවන බව ඩුබායි රාජ්‍ය මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති බවත් ඒ අනුව ඔහුව ද කඩිනමින් දිවයිනට රැගෙන ඒමට කටයුතු කරන බවත් පොලසිය සඳහන් කළේය.

