gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ශ්‍රී ලංකා සංචිතයෙන් ප්‍රබලයින් විසි කරමින් එංගලන්තය සමග සටනට එන අපේ අය

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ අවසන් තීරණයක් ගෙන ඇති බව වාර්තා වනවා.

එම නම් කළ 16 දෙනාගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර සංචිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ සහභාගීත්වය පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

මේ අනුව දසුන් ශානක විසින් කණ්ඩායම මෙහෙයවනු ලබනවා.

පාකිස්ථානයට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලියට කැදවා තිබු ධනංජය ද සිල්වා, එංගලන්තයට එරෙහි එක්දින සංචිතයට මෙන්ම විස්සයි විස්ස සංචිතයට ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

මෙම සංචිතය නම් කර ඇත්තේ ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදානම තවදුරටත් ශක්තිමත් පිරීමේ පියවරක් වශයෙන් බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක කොළඹ පැවති වැඩ සටහනකින් අනතුරුව තම කණ්ඩායමේ ලෝක කුලසලාන තරගාවලියට ඇති සූදානම පිළිබඳව ද අදහස් පළ කළා.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka