gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

මහින්දානන්ද-දුමින්ද සිල්වා රඳවා සිටින වැලිකඩ වාට්ටුවෙන් ජංගම දුරකථන ඇතුළු උපාංග තොගයක් සොයාගනී!

හිටපු අමාත්‍යවරුන් පිරිසක් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාර වාට්ටුවක තිබී ජංගම දුරකථන ඇතුළු උපාංග තොගයක් සොයා ගෙන තිබේ.

ඒ, එහි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ය.

එම වාට්ටුවේ මේ වන විට හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලීන් ප්‍රනාන්දු, එස්.එම් රංජිත් සහ දුමින්ද සිල්වා යන අය රඳවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ස්මාර්ට් ජංගම දුරකථන, දුරකථන චාඡර්, ජංගම දුරකථන ඇතුළු උපාංග මෙහෙයුමේදී සොයා ගත් භාණ්ඩ අතරට ඇතුළත් බව වාර්තා සඳහන් කරයි.

ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka