gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

”මම දැන් තනිකඩ ජීවිතයක් ගත කරන්නෙ. ආදරය සුන්දර වෙන්නෙ රවට්ටන්නෙ නැතුව අවංකව ආදරය කරනකොට..” – සචින් ලියනගේ

කෙටි කාලයකින් ඉමහත් රසික ආදරයක්, ආකර්ෂණයක් දිනූ ජනප්‍රිය රංගන ශිල්පියෙකි, ‘සචින් ලියනගේ’

රංගන හැකියාව සේ ම කඩවසම් රූපය නිසාවෙන් සචින්ට වැඩි ආකර්ෂණයක් තිබුණෙ තරුණියන්ගෙන් කිව්වාට වැරදි නෑ.

ජනප්‍රියත්වයේ ඉහළින්ම උන්නු කාලෙක ආරංචි වෙනවා සචින් පෙම්වතෙන් වන බවට.

ඒ, ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ‘දුෂේනි මියුරංගි’ සමඟ.

ඔවුන් සම්මාන උළෙලවලදීත්, සමාජ මාධ්‍යයේත් ආදරණීය යුවළක් හැටියට ප්‍රසිද්ධියේ පෙනී උන්නා.

කොහොම නමුත් මෑතකදී සමාජ මාධ්‍යයේ කසුකුසුවක් පැතිර ගියේ, සචින් – දුෂේනි ආදර කතාව දෙදරා ගොස් ඇති බවට.

එය හුදු කතාබහක් විනා, ඒ ගැන සචින් හෝ දුෂේනි ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමක් සිදුකර තිබුණේ නෑ.

කොහොම නමුත් පුවත්පත් අතිරේකයකට අදහස් දක්වමින් සචින් සඳහන් කර තිබෙනවා, තමන් මේ වෙද්දි තනිකඩ ජීවිතයක් ගෙවන බවට.

”මම දැන් තනිකඩ ජීවිතයක් ගත කරන්නෙ. ආදරය කියන්නෙ හොඳ අත්දැකීමක්.

හැබැයි ආදරය සුන්දර වෙන්නෙ රවට්ටන්නෙ නැතුව අවංකව ආදරය කරනකොට..”

තමන් ආදරය තුළ බලාපොරොත්තු වන්නෙ ආදරය සහ අවංකකම බවත් සචින් කියලා තිබුණා…

”ආදරය සහ අවංකකම තමයි මම වැඩිපුර බලාපොරොත්තු වෙන්නෙ.

අපි හැමෝම සර්වසම්පූර්ණ මිනිස්සු නෙවෙයි. ඉතින් ජීවත් වෙනකොට වැරදි අඩුපාඩු වෙනවා.

ඒ දේවල් කතාබහ කරලා හදාගෙන සහයෝගයෙන් ජීවත්වීම ආදර සම්බන්ධතාවකදි මම බලාපොරොත්තු වෙනවා.”

සචින් මේ කතා කරන්නෙ ආදරේ ගැන කලකිරීමකින් ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔන්න ඊටත් ඔහු මේ විදියට උත්තරක් දීලා…

”අනේ නැහැ. ආදරය කියන්නෙ සුන්දර අත්දැකීමක්. ගැළපෙනවා කියලා තේරුණාම එකතුවෙන එකත් කාලයක් යද්දි නොගැළපෙනවා කියලා තේරුණාම වෙන්වෙන එකත් මිනිස් ජීවිතයේ සාමාන්‍ය සංසිද්ධියක්. නොගැළපීම් තියාගෙන එකට ඉඳගෙන වේදනා විඳිනවට වඩා දෙපැත්තකට වෙන එක නිදහස්…”

උපුටාගැනීම් : පිනිපලස | ලක්ෂාන් ජයසූරිය

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka