gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

මගේ දරුවා කවදාහරි කියයි ලෝකේ ශක්තිමත්ම අම්මා මම කියලා… දෙනෙතට කඳුළක් උනන සංවේදී සටහන

සමාජ මාධ්‍ය තුළ මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්, දෙනෙතට කඳුළක් එක් කරන අතිශය සංවේදී මෙන්ම දිරිගන්වන සුලු පුවතක් වාර්තා වෙනවා.

ඒ, එක් පාදයක් අහිමි වුවද, සිය කුස තුළ වැඩෙන දරුවා වෙනුවෙන් මහා මෙරක් වැනි ශක්තියක් සිතේ දරාගෙන සිටින ආදර්ශමත් මවක් පිළිබඳවයි.

ඇය සිය අත්දැකීම විස්තර කරන්නේ ඉතාමත් හැඟීම්බර අයුරින්.

ඇය පවසන කතාව මෙන්න:
“මගේ දරුවත් කවදාහරි කියයි මේ ලෝකේ ඉන්න ශක්තිමත්ම අම්මා ඉන්නෙ මට කියලා. මගේ මේ තනි කකුලෙන් ඔයාව දරාගෙන අමාරු මාස අටක් ගෙවාගෙන දැන් ආසාවෙන් ඉන්නේ ඔයා අපේ ලෝකෙට එනකල්.”

බොහෝ දෙනා ඇයගෙන් විමසා ඇත්තේ එක පාදයක් නොමැතිව දරුවෙකු හදා වඩා ගන්නේ කෙසේද යන්නයි. නමුත් ඇය පවසන්නේ තමන් ඒ සියල්ලටම දැන් පිළිතුරු දී අවසන් බවයි.

තමන්ට නැවත දෙපයින් නැගී සිටීමට නොහැකි වුවද, තම දරුවා මුළු ලෝකයම දිනන තුරු ඇය ඔහු සමඟ ශක්තිමත්ව සිටින බව ඇය ඉතා ආත්ම විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka