gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

හෙළිකොප්ටරෙන් වැඩම කරවා කත්නෝරුවේ හිමියන්ට මිළ කළ නොහැකි මැණික් කරඬුවක් පුජා කළ හැටි

ප්‍රකට ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වන කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ට කහවත්තේ මැණික් ව්‍යාපාරිකයෙක් විසින් රුපියල් කෝටියකට වඩා වටිනා මැණික් ඔබවන ලද කරඬුවක් පූජා කරන ලදී.

ගුරුගේ මැණික් නිර්මාතෘ දිවංගත ජිනදාස ගුරුගේ මහතා සිහිපත් කිරීමට ඔහු සහ ස්වර්ණ ගුරුගේ මහත්මියගේ විවාහ සංවත්සරය වෙනුවෙන් කත්නොරුවේ හිමියන් වැඩමවා ධර්ම දේශනාවක් පැවත් වීමෙන් පසුව කරඬුව පූජා කිරීම ගුරුගේ මැණික් හිමිකරු ගයාන් ගුරුගේ සහ ඔහුගේ මව් වන ස්වර්ණා ගුරුගේ මහත්මිය අතින් 25 වැනිදා සිදුවිය.

මෙම විශේෂිත කරඬුවට කැරට් අටක නිල් මැණිකක්ද ඔබිබවා ඇති අතර තවත් වටිනා නිල් මැණික්, රතු කැට ඇතුළු වටිනා මැණික් රැසක් ඔවා තිබේ.

රන් ආලේපිතව කැටයම් යොදා කරඬුව නිර්මාණය කර තිබිණි.

මැණික්වල වටිනාකම ගණන් නොබැලූ බව කරඬුව පූජා කළ කහවත්ත ගුරුගේ මැණික් හිමිකරු ගයාන් ගුරුගේ මහතා පැවැසීය. වත්මන් වෙළෙඳපොළ වටිනාකම මෙය පුජනීය කටයුත්තක් නිසා අනුව රුපියල් කෝටියකට වැඩි වටිනාකමක් සහිත මැණික් කරඬුවට ඔබ්බවා තිබේ. බ්ලූ සැෆයාර් වර්ගයේ මැණික් ගල් 32ක්ද කරඬුවට ඔබ්බවා තිබේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka