gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

විවාහකයෙක් එක්ක තිබුණු මාස 8ක ආදරය අවසන් වුණේ මරණයෙන්! අඟුලාන මහල් නිවාසයක සිදුවූ අභිරහස් ඝාතනයේ සුලමුල මෙන්න

ආදරය කියන්නේ පරිත්‍යාගයක් වුණත්, ඇතැම් ආදර කතා කෙළවර වෙන්නේ ලෙයින් සහ කඳුළින්.අඟුලාන සයුර මහල් නිවාස සංකීර්ණයෙන් පසුගියදා වාර්තා වුණේ එවැනිම භීෂණාත්මක පුවතක්.24 හැවිරිදි වියේ පසු වූ හේශලා කාවින්දි සිල්වා නමැති සුරූපී තරුණියගේ සිරුර නිවාස සංකීර්ණයේ 8 වැනි මහලේ කොන්ක්‍රීට් තට්ටුව මත තිබී හමුවන්නේ මුළු ප්‍රදේශයම භීතියට පත් කරමින්.

වාද්දුව, කුඩා වස්කඩුව පදිංචිව සිටි හේශලාගේ ජීවිතය වෙනස් වෙන්නේ මීට මාස 8කට පෙර මුණගැසුණු පුද්ගලයෙකු නිසා.

ඔහු විවාහකයෙක්. බිරිඳගෙන් වෙන්ව ජීවත් වුණු මොහු හේශලාගේ පෙම්වතා බව කියනවා.

නමුත් මේ ආදරය ඇතුළේ සැඟවුණු මාරයෙක් සිටියා. ඒ තමයි ‘මත්ද්‍රව්‍ය’.

දෙමාපියන්ටත් එපා වූ ජීවිතය දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ මේ විවාහක පුද්ගලයා, හේශලාවත් ඒ අගාධයටම ඇද දමා තිබුණා.

ඒ හේතුවෙන් ඇයගේ දෙමාපියන් පවා ඇයව නිවසට ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණේ ඇය තෝරාගත් වැරදි මාවත නිසාවෙන්.

අවසානයේ ඇයට නවාතැන් ගන්නට සිදුවූයේ පෙම්වතාගේ සහෝදරයා සහ මව පදිංචි අඟුලාන සයුර මහල් නිවාස සංකීර්ණයේයි.

අන්තිම මොහොතේ වූ අමානුෂික වධහිංසාව පසුගිය 26 වැනිදා සවස් කාලයේ මොවුන් දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් තිබෙනවා.

එහිදී මත් රකුසාගෙන් වියරු වැටුණු සැකකරු, ප්ලාස්ටික් කොස්සකින් සහ අතින් පයින් හේශලාට අමානුෂික ලෙස පහර දී තිබෙනවා.

මුළු ශරීරයම නිල් පැහැ ගැන්වෙන තුරු පහර කා අසරණ වූ හේශලා ඒ කොන්ක්‍රීට් තට්ටුව මතම අවසන් හුස්ම හෙළද්දී, ඇයගේ පෙම්වතා පලා ගොස් තිබුණේ කිසිවක් සිදු නොවූ ගාණටයි.

පසුදින දහවල් වන තුරුම කිසිවෙකුත් නොදැන සිටි මේ අපරාධය හෙළි වුණේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව.

දැනට පලාගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීමට අඟුලාන පොලිසිය මෙහෙයුම් දියත් කර තිබෙනවා.

වැරදි ඇසුරක් සහ මත්ද්‍රව්‍ය නිසා තරුණ ජීවිතයක් මෙලෙස අවාසනාවන්ත ලෙස නිමාවීම මුළු මහත් සමාජයටම දෙනු ලබන්නේ බරපතළ පණිවිඩයක්.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka