gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

”ඔය නහයෙ තියෙන ප්ලාස්ටරේට මං සම්බන්ධ නෑ…” – ඉසුරු පළමුවරට හඬ අවදි කරයි – දේශානිගේ ආන්දෝලනාත්මක සටහනත් අතුරුදන්

මෑතකාලීනව වඩාත් කතාබහට ලක්වුණු තරු යුවළ අතර ඉසුරු – දේශානි යුවළ කැපී පෙනුණා.

තමන් ආදරේ සම්බන්ධයෙන් ගත් තීරණයක් කෙතරම් වැරදියි ද කියන කාරණය දේශානි දිගු සටහනක් තබමින් කාටත් කියලා තිබුණා.

ඒ, ඡායාරූපයක් ද එක්කම.

අදාළ ඡායාරූපයේ දේශානිගේ නාසය මත ප්ලාස්ටර‍යක් තිබීමෙන්, කවුරුත් අනුමාන කරන්න ගත්තා එකී සටහනත් ඡායාරූපයත් අතර සෘජු සම්බන්ධයක් ඇති බවට.

දේශානි, ජනප්‍රිය රංගන ශිල්පි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සමඟ පැවති ප්‍රේම කතාව ආගන්තුක කාරණයක් නොවුණු නිසාම,,, ඇය මේ කියන්නෙ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සම්බන්ධයෙන් බවටත් අදාළ ඡායාරූපය ද ඔවුන්ගේ විරසක වීමේ ප්‍රතිඵලයක් බවටත් අනුමාන කරන්න කාටත් ඕනෑ තරම් සාක්ෂි සාධක නොතිබුණාම නොවෙයි.

කොහොම නමුත් මේ වෙද්දි නම් දේශානි තබන ලද ආන්දෝලනාත්මක සටහන ඇගේ ෆේස්බුක් පිටුවෙන් ගැලවී ගිහින්.

ඒ වගේම ඔවුන් යළි සුහද වී ඇත්ද යන්නත් අනුමාන කෙරෙන සේයාරුවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.

මේ කතාව ගැන උනන්දු කාටත් දේශානිගේ ප්ලාස්ටරය කුතුහලයක් ගෙනා කාරණයක් කිව්වොත් හරි. ඔන්න ඒ ගැන සැකය රංගන ශිල්පි සුදත්ත තිලකසිරි විසින් දුරු කරලා.

ඔහු සිය වැඩසටහක් ඔස්සේ මේ ගැන කතා කරමින් සඳහන් කරන්නේ, තමන්ට ලැබුණු ආරංචිවල හැටියට නම් මේ ප්ලාස්ටරේට ඉසුරුගෙ සම්බන්ධයක් නැති බව….

”…ඉසුරු මල්ලි මැසේජ් කරලා තිබ්බා. අයියෙ මං දැක්කා ප්‍රෝග්‍රෑම් එක. තැන්ක්යූ අයියෙ.. අයියා හොඳට ඒ ගැන කතා කරලා තියෙනවා. ඇත්ත දේවල් අයියා කියලා තියෙන්නෙ. හැබැයි මං ඔය නහයෙ තියෙන ප්ලාස්ටරේට මං සම්බන්ධ නෑ කියලා එයා කිව්වෙ නෑ, මට වෙන පැත්තකින් ආරංචි වුණා. එයා කිව්වෙ නෑ ඒක. ඒ ප්ලාස්ටරේට සම්බන්ධයක් නෑ කියලා….

ඒ ප්ලාස්ටරේ දැන් ෆැෂන් එකකට යනවනෙ. හැමෝම ප්ලාස්ටර් ගහගන්නවා. ඒකෙන් පෙන්නන්නෙ දේශානි එයාට පහරදීමකට ලක්වූවා වගේ අදහසක්නෙ.

ඒ නිසා ඒ ප්ලාස්ටරේට ඉසුරු සම්බන්ධයක් නෑ කියලා තමයි අපිට ආරංචි වෙන්නෙ….”

උපුටාගැනීම : CLASSIC SUDAA යූටියුබ් නාලිකාවේ වැඩසටහනක් ඇසුරින්

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka