gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

නදීක ගුරුගේ ලතාට විෂයානුබද්ධ සමුදීමක් කළා.. නාහෙන් අඬන්නේ හොටු පෙරන කතා අහලා චූන් වෙන අය…!

නදීක ගුරුගේ ලතාට විෂයානුබද්ධ සමුදීමක් කළා.. නාහෙන් අඬන්නේ හොටු පෙරන කතා අහලා චූන් වෙන අය…!

කිසිදු තේරුමක් නොදන්නා පාලි ගාථා කටපාඩමින් කියන අය ලතා වල්පොළගේ අවමගුල් උත්සවයේ නදීක ගුරුගේ සිදුකළ දේශනය නොතේරුණු බවට චෝදනා කරමින් ඇතැයි රාජ්‍ය රූපවාහිනි අනුමණ්ඩලයේ සාමාජික, ප්‍රවීණ ගීත රචක රවී සිරිවර්ධන පවසයි.

“මෙලෝ තේරුම දන්නෙ නැතත් පාලි ගාථා කටපාඩමින් කියන උන්දැලට නදීක ගුරුගේගෙ ගෙ කතාව තේරුන්නෑලු නේද. අඩු ගානෙ ලතා වල්පොල ගයපු ගීත ඇහුවට ඒ සමහර ගීතවල තියන සාහිත්‍ය දන්නවද මේ ගොල්ලො. ඒවට නොබැන්නට ලතා වල්පලට විෂයානුබද්ධ සමුදීමක් කළාම නාහෙන් අඬන්නෙ ඇයි?

මේක මේ අය සෞම්‍යටත් කළා. අඩුගානෙ කවුරු හරි හොයාගෙන ඇහුවද සෞම්‍ය මාලනී ගැන එදා මොනවද කිව්වෙ කියලා. ඒකෙන් මොනවද ගන්න පුළුවන් දැනුම කියල බලල තියෙනවද ? නෑ එහෙම යාවත්කාලීන වෙන්න සූදානමක් නෑ ඒ අය. සම්ප්‍රදාය වැඳ නමස්කාර කරගෙන මළගෙවල්වල හොටු පෙරන කතා විතරක් ම අහන එක තමයි චූන් එක.”

රවී සිරිවර්ධන
FB

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka