නීත්‍යනුකූල සහ නීතිවිරෝධී මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයන් 50ක් පමණ මියන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් ප්‍රකාශ කළේ මුළු ජනගහනයෙන් 20%කටත් වඩා අඩු සංඛ්‍යාවක් තවමත් මත්පැන් පානය කරන බවයි.
ඔවුන් අතරින් 34.8%ක් වයස අවුරුදු 15ට වැඩි පිරිමින් වන අතර, මත්පැන් භාවිත කරන කාන්තාවන්ගේ ප්‍රතිශතය 0.5 ක් තරම් ඉතා අඩු මට්ටමක පවතී.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, මෙරට මුළු මධ්‍යසාර භාවිතයෙන් 10%ක් පමණ වන නීති විරෝධී මධ්‍යසාර භාවිතයේ සැළකිව යුතු ඉහළ යෑමක් ඇත.
“අපේ රටේ සමස්ත මධ්‍යසාර භාවිතය දෙස බැලුවහොත්, එය තවමත් මුළු ජනගහනයෙන් 20% කටත් වඩා අඩුයි. අවුරුදු 15ට වැඩි පිරිමින් අතර 34.8%ක් මත්පැන් භාවිත කරන අතර කාන්තාවන් සංඛ්‍යාව 0.5%ක් ලෙස ඉතා අඩු මට්ටමක පවතිනවා. මෑතකදී කැපී පෙනෙන ප්‍රවණතාවක් වන්නේ නීති විරෝධී මධ්‍යසාර භාවිතයේ තියුණු වැඩිවීම. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, මධ්‍යසාර භාවිතයෙන් 10%ක් පමණ නීති විරෝධී. නීති විරෝධී මධ්‍යසාර හේතුවෙන් මරණ 5-6ක් සිදුවන බව අපි දකිනවා. කෙසේවෙතත්, අද වන විට මත්පැන් නිසා දිනකට පුද්ගලයන් 50ක් පමණ මිය යනවා, මෙයට නීතිමය සහ නීති විරෝධී භාවිතය යන දෙකම ඇතුළත්. ඒත් කිසිවෙක් ඒ ගැන කතා කරන්නේ නැහැ.” යනුවෙන් තවදුරටත් අදහස් දක්වමින් ද සේරම් පැවසීය.

