gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

දියුණු රටවල දරුවන්ගේ පාසල් බෑග්වල ලිංගික උපකරණ තියෙනවා... භාවිත කරන හැටි කියා දෙනවා - ඔමායා

ළමුන් සඳහා ලිංගික අධ්‍යාපනය සහ ඒ හා සබැඳි මනෝවිද්‍යාත්මක දැනුම ලබා දීම පිළිබඳව දීර්ඝ කාලයක සිට සාකච්ඡා වෙමින් පවතින බවත්, එම විෂය කරුණු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු බවත් ප්‍රවීණ මාධ්‍යවේදිනී ඔමායා කෝවිලගොඩ මහත්මිය පවසන්නීය.

සිරස රූපවාහිනියේ "ජාතික මෙහෙවර" වැඩසටහනට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබා දීම සඳහා නව නීති රීති හෝ වෙනත් ක්‍රමවේද අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීමේ වැදගත්කම ඇය මෙහිදී අවධාරණය කළාය. 

ඇතැම් පාර්ශ්වයන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරමින් සිටියද, වර්තමාන ලෝක ප්‍රවණතා හමුවේ මෙවැනි දැනුමක් දරුවන්ට ලබා දීම අත්‍යවශ්‍ය වී ඇති බව ඇයගේ අදහසයි.

"අද වන විට දියුණු රටවල පාසල් දරුවන්ගේ පාසල් බෑගයට ලිංගික සෞඛ්‍යයට අදාළ විශේෂ උපකරණ පවා ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම එම උපකරණ නිවැරදිව භාවිත කරන ආකාරය පිළිබඳව ද එම දරුවන්ට පුහුණුව ලබා දෙනවා" යයිද ඇය කීවාය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka