gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

අලුත් විදුලි ප‍්‍රතිපත්තියෙන් හැමෝගෙම ස්ථාවර ගාස්තුව 2100යි

ආණ්ඩුවේ ජාතික විදුලි බල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණොත් සෑම විදුලි පාරිභෝගිකයෙකුගේම ස්ථාවර ගාස්තුව රු. 2100 වන්නේ යැයි ද එවිට අඩු විදුලි ඒකක ප්‍රමාණයක් පාවිච්චි කරන ජනතාවගේ විදුලි බිලට වඩා ස්ථාවර ගාස්තු ඉහළට යන්නේ යැයි ද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජිව ධම්මික මහතා පැවසීය.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.

ඔහු මෙසේද කීවේය.

'යෝජිත ජාතික විදුලි බල ප්‍රතිපත්තියේ කියනවා විදුලි ඒකකයක මිල ස්ථාවර ගාස්තූන් සමසේ බෙදිය යුතුයි කියලා. දැනට ස්ථාවර ගාස්තු හරහා ආණ්ඩුව අය කර ගන්නා මුදල් ප්‍රමාණය හැත්තැ දෙලක්ෂයක් වන පාරිභෝගිකයන්ට සමසේ බෙදුවොත් අඩු විදුලි ඒකක ප්‍රමාණයක් පාවිච්චි කරන අයගේ විදුලි බිලට වඩා ස්ථාවර ගාස්තු වැඩිවෙනවා. දුප්පත් මිනිස්සුන්ට දැනට ක්‍රියාත්මක විදුලි සහනාධාරය නැති කිරීම මේ තත්ත්වය තුළ උදා වෙනවා.

දැනට ලොකු ස්ථාවර ගාස්තුවක් ගෙවන වැඩි විදුලි පරිභෝජනයක් කරන ධනපති පන්තියේ විදුලි ස්ථාවර හාස්තුව ගොඩක් පල්ලෙහාට යනවා'

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka