gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

මාලිමා මන්ත‍්‍රී ලක්‍ෂ 20ක් අරන් පොලු තියලා.. ප‍්‍රකට භික්‍ෂුවක් නිවස ඉදිරායේ උපවාසයකට!

සිංහල ජාතිය කේන්ද්‍ර කරගනිමින් බිහි වූ දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් කලෙක පාර්ලිමේන්තුවට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට මැතිවරණ සමයේදී රුපියල් ලක්ෂ විස්සක මුදලක් ණයක් ලෙස දී තිබිණි.


මැතිවරණයෙන් පසු මෙම ණය මුදල දෙන බව පැවසූවත් මෙතෙක් ණය නොදීම ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භික්ෂුව දැඩි දෝෂාරෝපණ එල්ල කරමින් තිබිණි.

දකුණේ උපන් මෙම භික්ෂුව ද විවිධ පක්ෂවලට පැනීම නිසා නමක්ද පට බැඳී තිබේ.

උන්වහන්සේ මුදල් ගෙන තිබූ මාලිමා මන්ත්‍රිවරයා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන්නේය. තමාගෙන් ගත් මුදල් ආපසු නොදෙන්නේ නම් මන්ත්‍රිවරයාගේ නිවස ඉදිරිපට උපවාස කරන බව මෙම භික්ෂුව මන්ත්‍රිවරයාට දැනුම් දී ඇති බව දැනගන්නට ලැබී ඇත.

එක දිගටම ලෙඩ වැටී ඇති මෙම මන්ත්‍රිවරයා මෙම තර්ජනය හමුවේ දැඩි අපහසුතාවට ලක්ව ඇති බව සඳහන්ය.

Aruna

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka