gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ආණ්ඩුව විවේචනය කලැයි ජනපති මිතුරාට ජවිපෙන් තර්ජන... ලන්ඩනය ඇවිත් ගහන්න සැලසුමක්!

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රාදේශීය ආධාරකරුවන් වෙතින් තමන්ට තර්ජන එවෙමින් ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතාගේ සමීප මිතුරෙකු වන ලන්ඩනය වෙසෙන උවිදු කුරුකුල සුරිය මහතා සඳහන් කරයි.

තමන්ට අවස්ථා දෙක තුනකදී මෙම පුද්ගලයා විසින් සමාජ ජාලා ඔස්සේ තර්ජන එල්ල කර ඇති බවද හෙතෙම කියා සිටී.

ආණ්ඩුව විවේචනය කරමින් සමාජ ජාල වල අදහස් පළ කිරීම හේතුවෙන් මෙම තර්ජනය එල්ල කර ඇති බවද ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් කියා ඇත.

තමන් සිටිනා ස්ථානය ගැන එරට හිතවතුනගෙන් විමසා ඇති බවත් එහි පැමිණ පහර දීමට මෙම පුද්ගලයා සූදානම් වන බව දන්වා ඇති බවත් හෙතෙම එම සටහනේ තවදුරටත් සදහන් කර තිබේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka