gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

සුපිරි පිතිකරු ධනංජය 20-20 ලෝක කුසලානයටත් කැදවයි!

එළඹෙන ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින්, එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. 

මෙම තරගාවලිය ජනවාරි 30, පෙබරවාරි 1 සහ 3 යන දිනවලදී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම සංචිතයේ විශේෂ අවධානයක් දිනා ඇත්තේ ටෙස්ට් නායක ධනංජය ද සිල්වා සහ තරුණ පිතිකරු පවන් රත්නායක වෙතයි.

පවන් රත්නායක එංගලන්තයට එරෙහිව පසුගිය අඟහරුවාදා වාර්තා කළ ශතකයත් සමඟ ඔහු එක්දින කණ්ඩායමේ අංක 4 ස්ථානය තහවුරු කරගෙන ඇත. 

තේරීම් කමිටුව ඔහුව දකින්නේ තරගය නිමා කිරීමේ වගකීමක් සහිත දක්ෂ මැද පෙළ පිතිකරුවෙකු ලෙසයි.

ධනංජය ද සිල්වා වසර දෙකකට පසු පාකිස්තානය සමඟ පැවති තරගාවලියේදී ලකුණු 10 ක් සහ 22 ක් පමණක් ලබාගත්තද , ඔහුව සංචිතයට එක්කර ඇත්තේ පිතිකරුවෙකු ලෙස පමණක් නොවේ. 

මහීෂ් තීක්ෂණ පන්දු යැවීමේදී අසීරුතාවයට පත් වුවහොත්, ඉනිම අවසානයේ පන්දු යැවීම සඳහා විකල්පයක් ලෙස ධනංජයව යොදා ගැනීමට සැලසුම් කර ඇත. තේරීම් කමිටුවේ අපේක්ෂාව වන්නේ මෙම තරගාවලිය සඳහා නම් කළ 16 දෙනෙකුගෙන් යුත් සංචිතයම ඉදිරි ලෝක කුසලානය සඳහා ද යොදා ගැනීමයි.  ආබාධයක් හෝ හදිසි අසනීප තත්ත්වයක් හැරුණු විට මෙම සංචිතයේ වෙනසක් සිදු නොවන බව වාර්තා වේ.

නම් කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව

දසුන් ශානක (නායක)
පැතුම් නිස්සංක
කමිල් මිෂාර
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
ධනංජය ද සිල්වා
චරිත් අසලංක
ජනිත් ලියනගේ
පවන් රත්නායක
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
දුෂ්මන්ත චමීර
ප්‍රමෝද් මධුෂාන්
මතීෂ පතිරණ
එෂාන් මාලිංග

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka