gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

මාස 11කදී මිලියන 30ට වඩා වටිනා සැප වාහන 1737ක් රටට ගෙන්නලා - ෆෙරාරි-රෝල්ස් රොයිස්-පෝෂ්-ලැම්බෝගිනි රැසක් ඒ අතර!

වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත්, ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒවා බවත් ජේ.බී සිකියුරිටීස් තැරැව්කාර සමාගම පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

එලෙස ගෙන්වූ වාහන අතර රුපියල් මිලියන 70 ට ආසන්න වූ වාහනද තිබෙන බවත් ඒවා මිලදී ගත් පාරිභෝගිකයන් රජයේ ආදායමට සැලකිය යුතු දායකත්වයක් ලබාදී තිබෙන බවත් එම වාර්තාවේ සඳහන් වේ.

එලෙස ගෙන්වූ වාහන අතර ෆෙරාරි, රෝල්ස් රොයිස්, පෝෂ් සහ ලැම්බෝගිනි වාහනද තිබෙන බව එම වාර්තාව පෙන්වාදෙයි.

පසුගිය නොවැම්බර් මාසයේදී පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව සමස්ත වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 281 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ.

ඒ අනුව පසුගිය වසරේ පළමු මාස 11දී මෙරට වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.74 කි.(ලංකාදීප)

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka