gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

පාලම ගාවට එන්න මට ඔයාව බලන්න ඕනේ කියා පෙම්වතාට කියූ තරුණිය පෙම්වතා ඉදිරියේදීම ගිං ඔයට පැන සියදිවි නසාගනී

වෙන්නප්පුව නයිනමඩම පාලම මතින්  ගිංඔයට වැටුණු 17 හැවිරිදි තරුණිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ගඟට පැන්නතරුණයකු බේරාගෙන ඇතැයි   වෙන්නප්පුව මුලසථාන පොලිසිය කියයි.

මෙසේ අතුරුදහන් වි ඇත්තේ තාවකාලිකව කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ පදිංචි සිටි  17 නැමති තරුණියකි.

තරුණිය  ගිංඔයේ පාලම අසලට පැමිණ පෙම්වතාට දුරකථන ඇමතුමක් ලබාදි අන්තිමට මට ඔයාව බලන්න ඔනෙයි කියා ඇත.

ටික මොහොතකින් පෙම්වතා පාලම අසලට පැමිණවත් සමග තරුණිය පාලම මතින් ගඟට පැන ඇති බව පොලිසිය කියයි. පසුව ඇය බේරා ගැනිමට පෙම්වතා බව කියන තරුණයාද  ගිංඔයට පැන ඇත.

අසල හෝටලයක සේවකයන් දෙදෙනකු ගඟට කඹයක් දමා ඇති අතර තරුණයා කඹයේ ඉල්ලි ඇති අතර තරුණිය දියේ ගිලි අතුරුදහන් වි තිබුණි.

(රවීන්ද්‍ර ලියනගේ)
-lankadeepa

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka