gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඓතිහාසික අවස්ථාවක් ලෙස මෙලනියා ට්‍රම්ප් ආරක්ෂක මණ්ඩලය අමතයි

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් මහත්මිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතා තිබේ.

නිව් යෝර්ක් හි පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී සිදු වූ අතර, එහිදී ඇය මණ්ඩලයේ සභාපතිත්වය දරමින් කතා කළාය.

මෙය ලෝක නායකයකුගේ බිරිඳක් හෝ සැමියාක් ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වය දරමින් කතා කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වී ඇත.

කතාවේ මූලික මාතෘකාව වූයේ ගෝලීය ගැටුම් හා යුද්ධවලට මුහුණ දෙන කුඩා දරුවන්ගේ ආරක්ෂාව, ඔවුන්ගේ අධ්‍යාපනයට හා තාක්ෂණයට ප්‍රවේශය ලබාදීම ය. ඇය ඉරානයට එරෙහිව ඇමෙරිකාව හා ඊශ්‍රායලය ගත් මෑත හමුදා ක්‍රියාමාර්ග (විශේෂයෙන් ඉරානයේ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් දරුවන් රැසක් මිය ගිය බව වාර්තා වූ සිදුවීම්) සම්බන්ධයෙන් සෘජුව කිසිදු අදහසක් ප්‍රකාශ නොකළද, ලෝක සාමය තහවුරු කිරීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත්, අනාගතය වෙනුවෙන් දරුවන්ගේ යහපත වෙනුවෙන් බෙදුණු ලෝකය එක්සත් විය යුතු බවත් තදින් පෙන්වා දුන්නාය.

ඇයගේ කතාවේදී ප්‍රධාන අවධානය යොමු වූයේ "අධ්‍යාපනය හරහා සාමය" යන සංකල්පය කෙරෙහි වන අතර, දැනුම හා අවබෝධය අගය කරන සමාජයන් හරහම ස්ථිර සාමය ලබාගත හැකි බවත්, දරුවන්ට ඉගෙනීමේ අවස්ථාව ආරක්ෂා කළ යුතු බවත් ඇය අවධාරණය කළාය. "අපේ දරුවන් සියලු දෙනාටම අයත්" යනුවෙන් ඇය ප්‍රකාශ කළ අතර, "සාමය ඉක්මනින් ඔබට ලැබේවා" යනුවෙන්ද සඳහන් කළාය.

මෙම කතාව හා සභාපතිත්වය ආරක්ෂක මණ්ඩල සාමාජිකයන්ගෙන් ප්‍රශංසාවට හේතු වූ බව වාර්තා වේ. මෙය ඉතා විශේෂ හා ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකේ.

රෝහලේ තිබූ තරුණියකගේ මළ සිරුරක් රෝහල් සේවකයින් දූෂණය කරලා!

දික්ඔය මූලික රෝහලේ පෂ්චාත් මරණ පරික්ෂණය සදහා මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබු අවුරුදු 23ක් වයසැති කාන්තාවකගේ සිරුර එම රෝහලේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු විසින් රාත්‍රී කාලයේ දුෂණය කළේ යැයි කියන සිද්ධියක් පදනම් කර ගනිමිනි වතු කම්කරුවන් පිරිසක් රෝහල් පරිපාලනය එරෙහිව උද්ගෝෂණයක නිරත විය.
හැටන් පොලිස් වසමට අයත් ඇබෝස්ලි වතුයායේ පදිංචිව සිටි එස්.හරිනි නැමති 23 හැවිරිදි කාන්තාව පවුල් ආරවුලක් හේතුවෙන් නිවසෙන් ඉකුත් (23) දින සිය දිවි හානි කර ගැනිමෙන් පසු හැටන් පොලිසියේ නිළධාරින් ඒ පිලිබද විධිමත් පරික්ෂනයක් පවත්වා සිරුර පෂ්චාත් මරණ පරික්ෂනය සදහා දික්ඔය මුලික රෝහලේ විශෞෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සිරුර එදින රාත්‍රියේ දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබුණි.

එදින අලුයම මෘත ශරීරාගාරයට ඇතුලු වූ එම රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයින් තිදෙනෙකු මෘත ශරීරාගාරය වෙත ගොස් එහි ඉබි යතුරු කඩා මෘත ශරීරයේ තිබු ඇදුම් ගලවා ඇති බවට එම රෝහලේ මෘත ශරීරාගාරයේ භාර කරු විසින් දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත පැමිණිලි කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය තරුණියගේ ඥාතීන් විසින් රෝහල් පරිපාලයෙන් කරුණා විමසා ඇත.

එම සිද්ධියට මේවන තෙක් රොහලේ පාලන අධිකාරිය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පවසමින් වතුකරයේ ප්‍රධාන වෘත්තීය සමිතියක ප්‍රාදේශිය නායකයින් සහ වතු කම්කරුවන් පිරිසක් දික්ඔය මුලික රෝහල ඉදිරිපිට හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ (03) දින උදෑසන උද්ගෝෂණයක් සිදු කරනු ලැබූහ.

එම උද්ගෝෂකයන් නෝර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගය පිලිබදව රෝහල් අධ්‍යක්ෂකවරයා සහ රෝහලේ පාලන අධිකාරිය විසින් පැමිණ තමන් හමුවේ කරුණු දක්වන ලෙසයි.

එම ඉල්ලීම අනුව නෝර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයා දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂක දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.එස්. ෆසීල් මහතා උද්ගෝෂකයන් හමුවට පැමිණ කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනගත් විගසම රෝහලේ ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේදි රෝහලේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු (24) දින අලුයම මෘත ශරීරාගාරය වෙත ගොස් පැමිණෙන අයුරු දත්ත ගබඩාවේ සටහන් වි තිබු බවයි .

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කණ්ඩායමක් පත් කල බවත්, එම කණ්ඩායම විසින් (03) දින එහි විමර්ෂණ කටයුතු ආරම්භ කල බවයි.

එම පරික්ෂණය අපක්ෂපාතීව සිදු කරන බවත්, තම රෝහලේ සේවකයන් යම් වරදක් සිදු කර ඇත්නම් එයට උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා බවද රෝහල් අධ්‍යක්ෂකවරයා උද්ගෝෂකයන් හමුවේ කියා සිටියා.

මෙහිදි උද්ගෝෂකයන් කියා සිටියේ, පවත්නා තත්වය මත රෝහලේ ප්‍රතාකර සදහා පැමිණෙන කාන්තාවන්ගේ ආරක්ෂාව පිලිබද ගැටළුවක් පවත්න බවත්, සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිමට පත් කල ත්‍රිපුද්ගල කමිටුව විසින් සිදු කරන පරික්ෂණය සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් නොමැති බවත්, ඒ අනුව මෙහි විමර්ෂණ කටයුතු පොලිසිය විසිනුත් සිදු කල යුතු බවයි.

එම සිද්ධියට සම්බන්ධ රෝහල් කාර්ය මණ්ඩලයේ තිදෙනා පොලිස් භාරයට ගෙන විමර්ෂණ කටයුතු සිදු කරන ලෙසට උද්ගෝෂකයන් කල ඉල්ලීම අනුව රෝහල් අධ්‍යක්ෂකවරයා කියා සිටියේ, තමන් මේ සම්බන්ධයෙන් හැටන් පොලිසියට ගොස් පැමිණිල්ලක් කර සේවකයන් තිදෙනා අත්අඩංගුව ගන්නා ලෙස පොලිසියේ ඉල්ලීමක් කරන බවයි.

මිය ගිය කාන්තාවගේ සිරුර යලි ගොඩගෙන සිද්ධිය සම්බන්ධයෙන් යලිත් පෂ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිමට මියගිය තරුණියගේ ඥාතීන් අකමැත්ත පල කර ඇත.

තහනම් ගහේ ගෙඩි කන්න ගිහින් ජීවිතයෙන් වන්දි ගෙවූ අරණායක හෙදිය

අරණායක රෝහලේ සේවය කළ 35 හැවිරිදි හෙදියක තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ඇයගේ අනියම් පෙම්වතා බව කියන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

නීත්‍යානුකූල සැමියාගෙන් වෙන්ව සිය හත් හැවිරිදි දරුවා සමඟ කුලී නිවසක ජීවත් වූ මෙම මරණකාරිය සහ 33 හැවිරිදි සැකකරු අතර කලක සිට පැවති සබඳතාවක් මත ඇති වූ ආරවුලක් මෙම අපරාධයට හේතු වී තිබේ. පෙරේදා (01) සේවය නිමවා නිවසට පැමිණි හෙදිය, එහි රැඳී සිටි සැකකරුගෙන් මිදීම සඳහා අසල්වැසි නිවසකට පලා ගොස් ඇති අතර, එහිදී ලුහුබැඳ ගිය සැකකරු ඇයට මෙම ප්‍රහාරය එල්ල කර ඇත. බරපතළ තුවාල ලැබූ ඇයව අසල්වාසීන් විසින් අරණායක රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බව වෛද්‍යවරුන් විසින් තහවුරු කරනු ලැබීය.

මෙම ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධය ද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව, මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් නිෂේධා කුමාරි කරුණාතිලක මහත්මිය විසින් ඊයේ  (02) දින අපරාධය සිදුවූ ස්ථානයේදී ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන ලදී. මරණකාරියගේ දේහය කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද එහිදී මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අද (03) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පැය 24න් මිළියන 50ක් බලපු අපේ කෙල්ලගේ Iron dome එක...ලංකාවේ Gadget girl ඊශ්‍රායල් Iron dome එක හදපු හැටි

ඉස්සරවෙලාම උණුසුම් සුබ පැතුම් අපෙන් කියලා කියන්න ඕනේ. 

අද වෙද්දී ලංකාවේම කතා බහට ලක්වුණු එකම කෙනා තමා Gadget girl. එයා හදපු වීඩියෝ එකක් මේ වෙද්දී මිලියන 66 එහා views ගිහින් තිබෙනවා.ඉතින් අද ඒ කතාව අහන්න ලැබීමත් අපිට වගේම අපේ රටේ කෙල්ලෙක් මේ තරම් ගේමක් ගැහුවා කියන්නෙම රටටම ලොකු ආඩම්බරයක්.එයා මිට කලින් වීඩියෝ ගොඩාක් දානවා ඒවා ටික ටික තමා views යන්නේ හැබැයි අපි මේ කියන වීඩියෝ එක දවසින් මිළියන 50 නරබුම් වාර ගානක් යනවා.

උත්සහාය කැපවීම අත්නොහැරීම මහන්සියේ ප්‍රතිපලයක් අවසානය ජයක්ග්‍රහනය ගෙන දෙනවා ඉතින් මේ තියෙන්නේ එකට හොදම උදාහරණය.මේ Gadget girl කියන්නේ කසාද බැදපු හොද පව්ල් ජිවිතයක් ගතකරන කෙනෙක් එයාගේ සැමියත් එයාට ගොඩාක් උදව් කරනවා අපි දැකලා තිබෙනවා. අන්න එක තමා හොදම දේ තමන්ට හම්බෙන්න ඕනේ තමන්ගේ ගමනට උදව් කරන තමන් මොන දේ කරත් හරි වැරැද්ද කියා දී තමන් එක්කම ඉන්න කෙනෙක් එහෙම උනාම හරි ලේසි ජිවත් වෙන්න.

අද ඉදන් ඔයාලා හැමෝම එයා කරන දේ කරන්න දගලන්න එපා එයාට එයාගේ පාඩුවේ එයාගේ වැඩේ කරගෙන යන්න දෙන්න ඔයාල වෙනස් දේවල් කරන්න පටන් ගන්න එයාව ආදර්ශයකට ගන්න.ඔයාලටත් පුළුවන් එයා වගේම ජාත්‍යන්තරේ ජයගන්න දවසක් එනවා අපි හැමෝටම අන්න එදාට ජය සමරන්න ලෑස්තිවෙලා ඉන්න.

ඉතින් Gadget girl හදන්නේ ඊශ්‍රායලයේ ලෝකෙම ප්‍රසිද්ද පහු ගිය කාලයේ ලෝකෙම බල කල ලෝකෙම කතා කරපු Iron dome එක. ඉතින් දවසක් වගේ පොඩි කාලෙකින් ලෝකෙම බලපු ලංකාවේ අපේ කෙල්ලගේ ඒ වීඩියෝ එක අද ලංකාවම කතා වෙන දෙයක් වෙලා එයා උනත් ඒ ගැන නම් හිතන්න නැතුව ඇති. එක දවසකින්. මේ වගේ දෙයක් වෙයි කියල. දැන් ඉතින් තැටිය රත්වුණු වෙලාවේ රොටිය පුච්චගන්නයි තියෙන්නේ. තව තවත් මේ වගේම වටිනා දේවල් රැසක් කරන්න අපිත් අපේ හදවතින්ම ඇයට සුබ පතනවා.අද වෙද්දී ලංකාවේ ගොඩක් අය Social media වලින් ලෝකේ දිනලා ඉන්නේ ඒ අතරට ඔන්න අද ඉදන් තවත් කෙනෙක් ඇවිල්ල තව තවත් අලුත් දේවල් වලින් ලෝකේ දිනන්න අපේ කොල්ලොන්ට කෙල්ලොන්ට මේ කෙල්ලගේ හැකියාවත් හේතුවක් වෙන්න කියලා අපිත් සුබ පතනවා.

ලෝකයම ඇයි මෙච්චර ඉරානයේ අල් කමේනිට බයවුණේ... ලෝකයේ හිටපු දෙවැනි හිට්ලර් අල් කමේනිගේ මොළයේ තිබුණු දේ!

🔍 ඇත්තටම කවුද මේ පුද්ගලයා?
අවුරුදු 37ක් ඉරානයේ බලයේ ඉහළම පුටුව හිමි කරගත් නායකයා…
ඔහු තමයි අයතුල්ලා අලි ඛමේනෙයි.
1939 අප්‍රේල් 19 දින, ඉරානයේ මෂ්හද් නගරයේ උපන් ඔහු, දුගී ආගමික පවුලක වැඩිහිටි පුත්‍රයෙක්. ඔහුගේ පියා ජවාද් ඛමේනෙයි, ගැඹුරු ආගමික විද්වතෙක්. 💭
දුප්පත් වුවත්, ඒ පවුලේ තිබුණේ විශ්වාසය, විනය හා අධිශක්තිය.
🏛 ඔහු උපත ලැබූ ඉරානය කොහොමද තිබුණේ?
1939ට පෙර, ඉරානය (එවකට පර්සියාව) පාලනය කළේ රෙසා ෂා පහ්ලවී.
ඔහු රට නූතනකරණය කිරීමට උත්සාහ කළා. බටහිර ඇඳුම්, නව නීති, ආගමික බලපෑම් අඩු කිරීම…

නමුත් 🤨
ඒ සියල්ලක්ම සිදු වුණේ අධිකාරී පාලනයක් යටතේ. විරුද්ධවාදීන් මර්දනය වුණා. ඉරානයට බ්‍රිතාන්‍ය සහ සෝවියට් බලපෑම් ද දැඩිව තිබුණා.
ඒ පසුබිම තුළයි කුඩා අලි ඛමේනෙයි ලෝකයට ඇවිත් තියෙන්නේ.
📖 කුඩා වියේ සිට විප්ලවවාදියෙක් ද?
වයස අවුරුදු 4 දී කුරානය ඉගෙනගත් ඔහු, ආගමික අධ්‍යාපනයේ ගැඹුරටම ගියේය.
පසුව නජාෆ් හා කෝම් නගරවල ඉගෙනුම ලබමින්, විප්ලවයේ අනාගත නායකයා වන රුහොල්ලා ඛොමේනි යටතේ ද ඔහු ඉගෙන ගත්තේය.
1960 ගණන්වලදී, ෂාගේ පාලනයට එරෙහිව විරෝධතාවලට සම්බන්ධ වූ ඔහු කිහිප වතාවක්ම සිරගත වුණා. 🔒

ඔහු බලයට එරෙහිව නැගීසිටි ආගමික තරුණයෙක්. 1979දී ඉරාන විප්ලවය සාර්ථක වූ විට, ඔහු ඛොමේනිගේ සමීපතමයකු බවට පත්වුණා. 🔥
⚔ බලය, යුද්ධය සහ තීරණ
විප්ලවයෙන් පසු ඔහු රජයේ උසස් තනතුරු රැසක් දැරුවා. 1981 සිට 1989 දක්වා ඉරානයේ ජනාධිපති ලෙස සේවය කළා.
ඒ අතරතුර සිදුවුණේ දැවැන්ත යුද්ධයක්. ඉරාන-ඉරාක් යුද්ධය. වසර 8ක් දිගු වූ මේ යුද්ධය ඉරානයේ ඉතිහාසයම වෙනස් කළා. ⚔
1989දී ඛොමේනිගේ මරණයෙන් පසු, ඛමේනෙයි උත්තරීතර නායකයා බවට පත්වුණා. එතැන් සිට රටේ අවසන් තීරණ බලය ඔහු අතට ලැබුණා.

🌍 ඔහුගේ පාලනය — ප්‍රශංසාත්, විවේචනාත්මකත්
ඔහුගේ නායකත්වය යටතේ:
බටහිරට එරෙහි දැඩි ස්ථාවරයක් 📢
න්‍යෂ්ටික වැඩසටහන් සංවර්ධනය ☢
ආගමික නීති දැඩිව ක්‍රියාත්මක කිරීම
කලාපීය දේශපාලනයේ බලවත් භූමිකාව
නමුත්, එකම කතාවක් නෙවෙයි…
ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය, ස්ත්‍රී අයිතිවාසිකම් සීමා කිරීම, විරෝධතා මර්දනය වැනි චෝදනා ද එල්ල වුණා.
ආර්ථික සම්බාධක, ජනතා විරෝධතා, සහ අභ්‍යන්තර අභියෝග ඔහුගේ පාලනය පුරාවටම පැවතුණා.
🧭 ඔහු කවුද — විප්ලවයේ රැකවරණයද? නැත්නම් දැඩි පාලකයෙක්ද?
සමහර අයට ඔහු ආගමික විප්ලවයේ ආරක්ෂකයා.
තවත් සමහර අයට ඔහු දැඩි පාලනයක සංකේතයක්.
සරල ජීවිතයක් ගත කළ, නමුත් අතිවිශාල බලයක් හිමිවූ නායකයෙක්. ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් කැපවුණේ ඉස්ලාමීය විප්ලවය සහ එහි මූලධර්ම රැක ගැනීමටයි.
🕊 අවසානයේ 
ඔහු 2026 පෙබරවාරි 28 දින ඝාතනය වුණා.
මේ සිදුවීම, ඉරානයේ අනාගත නායකත්වය හා රාජ්‍ය ව්‍යුහය පිළිබඳ විශාල ප්‍රශ්න මතුවූ මොහොතක් ඇති කලා. දැන් ඉරානයේ අලුත් නායකයෙකු තෝරන ක්‍රියාවලිය හා ජනතා අවශ්‍යතා අතර යුද්ධයක් පටන් ගත්තායි  වගෙයි. කලාපයට සහ ලෝකයට මෙය නව බලාපොරොත්තුවක් ද, අභියෝගයක ද ආරම්භයක් ද වේද යන්න දැන් හැමෝටම ඇති ප්‍රශ්නයයි.

ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට බෝම්බ ප‍්‍රහාරයක්!

ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන ‘නතන්ස්’ (Natanz) පරිශ්‍රයට එල්ල වූ බව කියන ප්‍රහාරයක දර්ශන වාණිජ චන්ද්‍රිකා ඡායාරූප මගින් අනාවරණය වී ඇතැයි අන්තර්ජාතික පර්යේෂණ ආයතනයක් ප්‍රකාශ කරයි. 

අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් මෙහෙයුම් ආරම්භ වීමෙන් පසු ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට එල්ල වූ පළමු ප්‍රහාරය මෙය ලෙස සැලකේ.

විද්‍යා හා ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ආයතනය පවසන පරිදි, කොලරාඩෝ හි ‘වැන්ටෝර්’ (Vantor) ආයතනය මගින් ලබාගත් ඡායාරූපවලින් නතන්ස් භූගත යුරේනියම් මධ්‍යස්ථානයට ඇතුළු වන ස්ථාන දෙකකට ප්‍රහාර එල්ල වී ඇති බව පෙනී යයි.

ප්‍රහාරයේ ස්වභාවය සහ හානියපර්යේෂණ වාර්තාවලට අනුව මෙම ප්‍රහාරය ඉකුත් ඉරිදා පස්වරුවත් සඳුදා පෙරවරුවත් අතර කාලය තුළ සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ. 

චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණයේදී නතන්ස් පරිශ්‍රයේ ගොඩනැගිලි තුනක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

ඉන් ගොඩනැගිලි දෙකක්, දහස් ගණනක් Centrifuges සහිත භූගත ශාලාවලට ඇතුළු වන පිරිස් පිවිසුම් වේ.

අනෙක් ගොඩනැගිල්ල එම භූගත ශාලාවලට වාහන ඇතුළු කළ හැකි එකම පිවිසුම් මාර්ගය ආවරණය කර තිබූ ගොඩනැගිල්ලයි.

මෙම න්‍යෂ්ටික මධ්‍යස්ථානය මීට පෙර පසුගිය ජූනි මාසයේදී ද අමෙරිකානු ප්‍රහාරයකට ලක්ව තිබූ අතර, මෙවර ප්‍රහාරය එල්ල වී ඇත්තේ එහි තිබිය හැකි යථා තත්ත්වයට පත්කළ හැකි යන්ත්‍රෝපකරණ ඉලක්ක කරගෙන බව වාර්තා වේ.

පරස්පර ප්‍රකාශන්‍යෂ්ටික මධ්‍යස්ථානවලට හානි වී ඇති බවට මෙතෙක් සාක්ෂි ලැබී නැතැයි ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රොසි ප්‍රකාශ කළද, ඉරාන නියෝජිත රේසා නජාෆි එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් නතන්ස් මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල වූ බව තහවුරු කළේය.

පසුගිය සෙනසුරාදා සිට අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර ආරම්භ කළ අතර, එයට ප්‍රතිචාර වශයෙන් ඉරානය ද කලාපීය වශයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටී. 

ඉරානය න්‍යෂ්ටික බෝම්බ නිපදවීමට සූදානම් වන බවට අමෙරිකාව සහ ඊශ්‍රායලය චෝදනා කරන නමුත් ඉරානය එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි

ඉරානය ඇමරිකා තානාපති කාර්යාලවලට පහර දේ... මැදපෙරදිග ඇමරිකානුවන් වහා ඉවත් කරයි

සවුදි අරාබියේ රියාද් අගනුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට අඟහරුවාදා අලුයම එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර දෙකක් හේතුවෙන් එම පරිශ්‍රයේ ගින්නක් හටගෙන ඇති බව සවුදි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත. 

ඉරානය සහ ඇමරිකා-ඊශ්‍රායල හමුදා අතර පවතින ගැටුම් උත්සන්න වෙමින් පවතින පසුබිමක මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
සවුදි ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, ප්‍රහාරයෙන් තානාපති කාර්යාලයට සිදුව ඇත්තේ සුළු දේපළ හානියක් පමණි. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ තානාපති කාර්යාල ගොඩනැගිල්ල හිස්ව තිබූ බැවින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර, රියාද්හි රාජ්‍ය තාන්ත්‍රික කලාපයට එල්ල වූ ඩ්‍රෝන යානා හතරක් සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් ව්‍යර්ථ කළ බව සවුදි හමුදා ආරංචි මාර්ග පවසයි.

මෙම ප්‍රහාරයට සමගාමීව, සවුදි අරාබිය, කටාර්, ඊශ්‍රායලය සහ ඊජිප්තුව ඇතුළු මැදපෙරදිග රටවල් 12කට අධික සංඛ්‍යාවක සිටින සියලුම ඇමරිකානු පුරවැසියන්ට පවතින ආරක්ෂක අවදානම සැලකිල්ලට ගෙන "දැන්ම ඉවත් වන්න" (DEPART NOW) යනුවෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හදිසි නිවේදනයක් නිකුත් කර ඇත. 

මෙම නිවේදනය බහරේනය, ඉරානය, ඉරාකය, ජෝර්දානය, කුවේටය, ලෙබනනය, ඕමානය, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය යන රටවල් සඳහා ද අදාළ වේ.

රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිනියක වන මෝරා නම්දාර් විසින් X පණිවිඩයක් හරහා මෙම දැනුම්දීම සිදු කර ඇති අතර, මෙවැනි වැදගත් ප්‍රතිපත්තිමය තීරණයක් සමාජ මාධ්‍ය හරහා නිවේදනය කිරීම "අතිශය අසාමාන්‍ය සහ බරපතල" තත්ත්වයක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය සහ ඇමරිකානු සෙබළුන් සිව්දෙනෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකාව ලබා දෙන ප්‍රතිචාරය "ඉක්මනින්ම දැනගත හැකි වනු ඇති" බවයි. ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් සති හතරක් හෝ ඊට වැඩි කාලයක් පැවතිය හැකි බව ද ඔහු මීට පෙර පවසා තිබුණි.

පසුගිය සෙනසුරාදා ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් එරට උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මියගිය අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් කලාපය පුරා ප්‍රතිප්‍රහාර දියත් කරමින් පවතී. මේ වන විට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇත.

රියාද්, ජෙඩා සහ දරාන්  යන නගරවල සිටින ඇමරිකානු පුරවැසියන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස  සහ තානාපති කාර්යාල පරිශ්‍රයට පැමිණීමෙන් වළකින ලෙස දැනටමත් උපදෙස් දී ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka