gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ළමා නිවාසයක දරුවෙකුගේ රහස් පෙදෙසට මිරිස් කුඩු දමයි... පාලිකාව අත්අඩංගුවට!

මහනුවර, මයිලපිටිය ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක නේවාසිකව සිටින 16 හැවිරිදි පිරිමි දරුවෙකුට අමානුෂික ලෙස වධහිංසා පැමිණවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි පාලිකාව සහ ඇයගේ සැමියා අත්අඩංගුවට ගත් බව තලතුඔය පොලිසිය පවසයි.

සැකකරුවන් විසින් අදාළ දරුවාගේ රහස් ප්‍රදේශයට මිරිස් කුඩු දමා වධහිංසා පමුණුවා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.

මෙම අමානුෂික ක්‍රියාව සම්බන්ධයෙන් ලද තොරතුරු මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

වධහිංසාවට ලක්වූ බාලවයස්කාර දරුවා ප්‍රතිකාර සඳහා මුලින්ම මාරස්සන රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර පාලිකාව සහ ඇයගේ සැමියා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka