gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඇස් ඉදිරිපිට සියල්ල ගසාගෙන ගියා... නේපාලයේ ගංවතුරෙන් දිවි බේරාගත් හය දෙනාගේ සංවේදී අත්දැකීම්!

නේපාලයට බලපෑ විනාශකාරී ගංවතුර සහ නායයෑම් හමුවේ තත්පර කිහිපයක පරතරයකින් මරණයෙන් බේරී ජීවිතය දිනාගත් පුද්ගලයින් කිහිප දෙනෙකු මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් මෙසේය.

රාම්බච්චන් සාහ් (36) රසකැවිලි සදමින් සිටියදී කඩාවැදුණු මහා ජල පහරින් ගසාගෙන ගිය අවස්ථාවේ, අහම්බෙන් අතට හසු වූ විදුලි රැහැනක එල්ලී අඩ පැයකට ආසන්න කාලයක් මරණය සමඟ පොරබැදී ඔහු දිවි ගලවා ගත්තේය. 

එහෙත් ඔහු සමඟ සිටි ආයතනයේ හිමිකාරිනිය ඇතුළු පිරිස මහා ජලයට බිලි විය. සචින් ඛාති ගංවතුරට දිනකට පෙර මාමා විසින් හදිසි රාජකාරියකට වෙනත් ප්‍රදේශයකට යැවීම හේතුවෙන් ඔහුගේ ජීවිතය බේරිණි. එහෙත් ඔහු ජීවත් වූ මුළු ගම්මානයම සහ ඔහුගේ පවුලේ උදවිය නදියේ සැඩ පහරට හසුවී අතුරුදහන් වී ඇත.

රාජ්කුමාර් කාර්කි (36) කන්ටේනර් රථ රියදුරෙකු වන ඔහු, කන්ද උඩින් මහා රළ පහරක් මෙන් ඇදී එන ගංවතුර දැක වහාම රථයේ වේගය උපරිම කර අතුරු කණ්ණාඩියෙන් පස්සෙන් එන ජල රාක්ෂයා දෙස බලමින් අනූනමයෙන් රථය ආරක්ෂිත ස්ථානයකට පදවාගෙන ගියේය. ඔහුගේ ඇස් පනාපිට පිටුපසින් තිබූ කන්ටේනර් රථ 9ක් රියදුරන් සමඟ ගසාගෙන ගියේය. ගඨේ කාමී (40) ජලවිදුලි ව්‍යාපෘතියක සේවය කරමින් සිටියදී කඩාවැටෙන පර්වත සහ ගඟ පිටාර ගැලීම දැක, කුඩා කල කඳුපල්ලම්වල එළුවන් පසුපස දිව ගිය පළපුරුද්ද යොදා ගනිමින් ඝන කැලෑව දෙසට වේගයෙන් දිවගොස් කන්ද මුදුනට ළඟා වීමෙන් මරණයෙන් බේරිණි.

රාජු බුධාතොකි සහ ප්‍රකාශ ගෞතම් යන අය ටිමූරේ රේගු කාර්යාලයේ සේවය කළ අතර, පොලිස් ස්ථානයේ නිලධාරීන් පවා දිවයන විට කම්බි අතරින් පැන ගොස් වනන්තරයේ මීටර් සිය ගණනක් ඉහළට නැඟ, හමුදා හෙලිකොප්ටර් එනතුරු මඩ අතරේ නිරාහාරව බිහිසුණු රාත්‍රියක් ගත කර දිවි ගලවා ගත්හ. තුල්සිබහදූර් භණ්ඩාරි වෙත කළු පැහැති මඩ සහිත මහා රළ පහරක් කඩා වැටෙන විට, එම සැඩ රළ පහරින් ඉවුරේ පාෂාණ තලාවකට විසිවීම නිසා ප්‍රාතිහාර්යයකින් ඔහුගේ ජීවිතය ඉතිරි විය.

මෙම ස්වභාවික ව්‍යසනයෙන් මේ වන විට පුද්ගලයින් 1,851 කට අධික පිරිසක් මියගොස් හෝ අතුරුදහන් වී ඇති අතර, ජීවිතය බේරාගත් පිරිසද ආදරණීයයන් අහිමි වීමේ දැඩි මානසික වේදනාවෙන් පීඩා විඳිති.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka