ගායන ක්ෂේත්‍රයේ අභිමානය මෙන්ම මුළු මහත් ශ්‍රී ලංකාවම ආදරය කරන ප්‍රවීණ ගායිකා, ආචාර්ය නන්දා මාලනීන් මහත්මිය අභාවප්‍රාප්ත වීමත් සමඟ මුළු රටම දැඩි සංවේගයකට පත් වුණා. නමුත් ඒ සංවේගය අස්සෙන් බහුජන බලය සංවිධානයේ කුමුදුනී බණ්ඩාර කරපු එක්තරා ආන්දෝලනාත්මක කතාවක් නිසා මේ වෙනකොට මුළු සමාජ මාධ්‍යම ඇයට එරෙහිව ගිනි අරන් ඉවරයි.
ඇය කියපු ඒ කතාවේ සම්පූර්ණ උපුටා ගැනීම මෙන්න -
"ජවිපෙට සම්බන්ද ශිෂ්‍ය නායක වරුන් ඇවිත් කැම්පස් ළමයින්ට තෙල බෙදනවා කියලා දෙයක් කරනවා එහෙම කරලා ඔවුන්ට කිව්වා ඔබ මේ ගෙවන්නේ ඉතාම දුෂ්කර ජීවිතයක්, මේ පාලකයන්ගේ වැරදි වලින් තමයි ඔබ මේ දුක් විඳින්නේ කියලා... එහෙම කියලා ඔවුන්ට අහන්න දුන්න සින්දු මොනවද ''හන්තානේ කඳු මුදුන සිසාරා මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ කකියන හදවත් වල දුක් ගිනි..'' මේ වගේ මටනම් හරියට පදවත් මතක නෑ මම නම් ආස නෑ මේ වගේ නෙගටිවූ වයිබ් සින්දු වලට, ඒ වගේ ප්‍රකෝප කරවන, අනේ අපි හරිම වික්ටිම්ස්ල නේ.. ඒ වගේ ඒ කියන්නේ නිකන් අර පාසලෙන් එන ආදරෙන් ඔදවැඩිලා, ගුරුවරුන්ගේ රැකවරණය ලබලා ආපු මල් වගේ දරුවන්ගේ හිත් ඊටපසේ විශ්ව විද්‍යාලයේදී ඔවුන් duෂණya කරනවා.. ඔබට මේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කියන්නේ හරි දුකක් කියලා..
මොනවද වෙන කරන්න පුළුන් නොමිලේ අධ්‍යාපනයත් ඔක්කොම දීලා, මහපොලත් දීලා තවත් මොනවද මේ ආණ්ඩු වලට කරන්න කිව්වේ..
මම අකමැත්තෙන් උනත් මතක් කරනවා නන්දා මාලනී මහත්මියගේ මෙහෙවර, එතුමිය ගායිකාවක් විදියට මම ඉතාමත්ම ගරු කළා, නමුත් එතුමියගේ පවන ප්‍රසංගය තහනම් වන්න සිද්ද වුනේ, එතුමියගේ ගීත හරහා බොහොම ප්‍රකෝපකාරී හන්ගීම් ඇති කරන විදියේ ගීත පවන ගීත තුල අඩංගු වුන නිසා.. 'යමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න' ඒ වගේ ගීත පවා එතුමිය කිව්වේ ගුණදාස කපුගේ පවා එක්තරා ආකාරයට ඒ වගේ ගීත කිව්වා ඒවා තමයි සරසවි සිසුන් අතර ඉතාම ප්‍රචලිත වුනේ... මම ඔබෙන් එක ප්‍රශ්නයක් අහන්නම් ඔබ විශ්ව විද්‍යාලයට ගියේ ඉගන ගන්න නම් විශ්ව විද්‍යාලයේ ඉගන ගැනීමේ කාර්ය හරියට කළා නම් ඔබට යමින් බැඳ විලංගු දානවද..? ඔබට යමින් බැඳ විලංගු දාන්න සිද්ද වුනේ ඔබ ගියපු ආද්යාපන කටයුත්ත නොකර එක එක ශිෂ්‍ය සංවිදාන වල පටු අරමුණු ඔබ ලක්වුණ නිසා... ..රටට යහපතක් කරන්න රටක් සුවපත් කරන්න යොදාගන්න තිබුන සංගීත රටක් ලේ විලක් කරන්න, රටේ වැදගත්ම කොටස හොඳම මොළ ටික ඔවුන්ගේ මනස විකෘති කරන්න සන්ගීතය යොදවපු අවස්තාවක් විදියට මම මේක මතක් කරන්න කැමතියි," උපුටා ගැනීම අවසන්
නන්දා මාලනීන් වැනි අසමසම යුග මෙහෙවරක් කළ ශිල්පිනියකට සහ ගුණදාස කපුගේ වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවන්ට ප්‍රසිද්ධියේ පහර දෙමින් කරපු මේ ප්‍රකාශය නිසා කුමුදුනී බණ්ඩාරට දැන් වැඩේ වැරදිලා තියෙන්නේ..
ප්‍රවීණ හා නවක කලාකරුවන්, සංගීතඥයන් සහ සමස්ත රසික ජනතාව මේ වෙනකොටත් ඇයට එරෙහිව පෙළගැසී අවසන්. ඇය සහභාගී වන වැඩ සටහන් දේශපාලන පක්ෂ වර්ජනය කිරීමට ජනතාව තීරණය කරමින් සිටිනවා.
ඇයගේ ප්‍රකාශයට එරෙහිව FB, TikTok සහ YouTube ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දැඩි විවේචන එල්ල කරන අතර, ඇයගේ වීඩියෝ පවා අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙස දැඩි බලපෑම් එල්ල වෙනවා.
කලාකරුවන්ට සහ ශිෂ්‍ය පරපුරට කළ නින්දිත ප්‍රකාශය වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙස සංස්කෘතික සංවිධාන හරහා බලපෑම් එල්ල වෙමින් පවතිනවා.
ජනතාවගේ හදවත් දිනූ සැබෑ කලාකරුවන්ට මඩ ගසමින්, ඉතිහාසයේ සැබෑ යථාර්ථය දේශපාලන අරමුණු වෙනුවෙන් වෙනස් කරමින් කරන මෙවැනි අභූත ප්‍රකාශ නිසා කුමුදුනී බණ්ඩාර මහජනතාව ඉදිරියේ සම්පූර්ණයෙන්ම කොන් වී අවසන්.
මිත්‍රවරුනි ඉතිහාසය කියවන්න ඉගන ගන්න, එතකොට කුමුදුනී වගේ පටු දේශපාලන අරමුණු වලට ලංකාවේ ප්‍රවීණයන්ට අපහාස කරන අයගේ සැබෑ **වත ඔබටම දැනගන්න පුළුවන්..
- අමුතු
