gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

‘ඉනියවන්’ හි රඟපෑ, ලාංකේය සම්භවයක් සහිත ඉන්දීය නිළි, සුභාෂිනී බාලසුබ්‍රමනියම් අවසන් ගමන් යයි

‘සන් ටීවී’ හි (Sun TV) ‘කායල්’ (Kayal) ටෙලි කතා මාලාවෙන් අතිශය ජනප්‍රිය වූ, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඉන්දීය නිළි සුභාෂිනී බාලසුබ්‍රමනියම් (Subashini Balasubramaniyam) මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව, පවුල් ආරවුලක් හේතුවෙන් ඇය ඊයේ (6) දින සිය නිවසේදී ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව සඳහන්.

මෙම මරණය වාර්තා වන්නේ, ඇයගේ උපන්දිනයට දින හයකට පෙරාතුවයි.

ලාංකික සම්භවයක් සහිත සුභාෂිනී බාලසුබ්‍රමනියම් උපත ලබන්නේ කොළඹදීය.

ඇය අධ්‍යාපනය ලබන්නේ, යහපත් එඬේරාගේ කන්‍යාරාමය සහ ශාන්ත අන්තෝනි බාලිකාවෙනි.

සුභාෂිනීගේ මවගේ දෙමාපියන් ඉන්දියන් ජාතික‍යන් වන අතර පියා ලාංකිකයෙකි.

සුභාෂිනී ක්ෂේත්‍රයට පිවිසෙන්නේ, නේත්‍රා ටී. වී හි නිවේදිකාවක ලෙසයි. ඊට අමතරව දමිළ වැඩසටහන් හඬ කැවීම් ශිල්පිණියක ලෙස ද ඇය ප්‍රකටය.

සුභාෂිනී බාලසුබ්‍රමනියම් සහ ඔබ කවුරුත් හොඳින් හඳුනන නිරංජනී ෂන්මුගරාජාගේ සිනමා ගමන එකට සිදුවූවකි.

ඔවුන් දෙදෙනාගේ ම මූලාරම්භය නිවේදනය වීම ද විශේෂය.

සුභා සහ නිරංජනී සිනමාවට පිවිසෙන්නේ, අශෝක හඳගමගේ ”ඉනියවන්” සිනමාපටය තුළිනි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka