ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි වෙස්මුහුණක් සහ අව්කණ්ණාඩි පැළඳ එරට රාජ්‍ය රූපවාහිනිය හමුවේ පෙනී සිටීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.
සිය අනන්‍යතාවය හෙළි කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔහු එහිදී හමුදා නායකත්වය සහ සන්නද්ධ සූදානම පිළිබඳව අදහස් දක්වා ඇත.
පසුගිය කාලසීමාව පුරා අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ඉහළ පෙළේ අණදෙන නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් රැසක් ඝාතනය විය.
දැනට ජීවත්ව සිටින සෙසු නායකයන් ද එවැනිම ඉරණමකට මුහුණ දීම වැළැක්වීම සඳහා මෙලෙස දැඩි ආරක්ෂිත පියවර අනුගමනය කරමින් සිටිති.
