gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

මැති ඇමති රැසක් රටින් පිටවෙන්න වීසා හදාගෙන!

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසක් මේ වන විට මෙරටින් පිටව යාමට සූදානමින් සිටින බවත්, ඔවුන් ඒ සඳහා අවශ්‍ය වීසා බලපත්‍ර පවා සකස් කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම ආන්දෝලනාත්මක අනාවරණය සිදු කළේය.

හැකර් ප්‍රහාර කියමින් මහා භාණ්ඩාගාරයේ මුදල් සොරකම් කර ඇති බවත්, එකම කොන්ත්‍රාත්කරුවන් පිරිසකට වරකට වඩා මුදල් ගෙවමින් මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවත් ඔහු මෙහිදී චෝදනා කළේය.

මෙම දූෂිත ක්‍රියාවන් හරහා උපයා ගන්නා මුදල් තොග පිටින් පැලවත්තේ පිහිටි කාර්යාලයක් වෙත රැස් කරමින් පවතින බවත්, රටේ ජනතාවගේ මුදල් මේ ආකාරයෙන් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශන පැවැත්විය යුතු බවත් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka