gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

තවත් දින දෙකකින් ග්‍රහ ලොව විශාල පෙරළියක්.. වෙන්න යන වෙනස ඔබේ ලග්නයට කොහොම නම් බලපාවිද..?

ග්‍රහ ලොව පෙරළියක් සිදුවන තවත් එක් දවසක් ගැන මේ ඇසෙන්නේ විශේෂ ආරංචියක්.

එළඹෙන තිස්වැනිදා, බුද ග්‍රහයා කුජට පැමිණීමෙන් සිදුවන ඒ වෙනස මොකක්ද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි. 

ග්‍රහලොව බුද්ධිමතා ලෙස විරුධාවලිය ලත් වචනයට කාරක බුධ ග්‍රහයා තමාගේ සම රාශියක් වන කුජට අයත් මේෂ රාශියට 2026.04.30 පෙ.ව. 6.55 ට ගෝචර වීමට නියමිතයි. එතැන් පටන් බුධ ග්‍රහයා දින 14 ක් කුජගේ නිවහන තුළ රැඳී සිටී. මේ මොහොත වන විට තත්කාල ලග්නය වශයෙන් මේෂ ලග්නයත්, ධනු නවාංශකයන් උදාව පවතිනවා. එහිදී ලග්නගතව රවි, බුධ ද දෙවැන්නේ සිකුරුද, තෙවැන්නේ ගුරු ද, පස්‌වැන්නේ කේතු ද, හය වැන්නේ සඳු ද, එකොළොස් වැන්නේ රාහු ද, දොළොස් වැන්නේ කුජ, ශනි ද මෙසේ ගමන්ගෙන තිබුණා. කේතුට අයත් අස්විද නැකත තුළ බුධ මෙසේ ගමන් කර තිබීම මත අභිරහස් ගුප්ත කුමන්ත්‍රණකාරී සිදුවීම් ඇති විය හැකි කාලයක් ද වෙනවා. බුද්ධිමතුන්ට, කතුවරුන්ට, මාධ්‍යවේදීන්ට පැසසුම්.

තත්කාල කේන්ද්‍රයට අදාළව එදින යෝග බල ගණනාවක් පවතී. ඒ අතර අමලා යෝගය, විෂ්ණු යෝගය, මයුර පාල යෝගය, සරලා යෝගය, උභයාචරී යෝගය මෙහිදී තත්කාල කේන්ද්‍රය තුළ දැක ගත හැක. තත්කාල කේන්ද්‍රය තුළ සඳු ග්‍රහයා 22 වන දෙර්කාණාධිපතිට අයත්ව ගමන් කිරීම මත කාන්තාවන්ට යහපත් නැති අතර මෙරට සිටින ප්‍රකට කාන්තාවකගේ වියෝවක් ඉදිරි දින 3-4 තුළ දී ඇති කරනු ලබයි. එමෙන්ම තැපැල්, විදුලි සංදේශ ආශ්‍රිත ගැටලු පැන නැඟේ. පරිගණක දත්ත ආශ්‍රිත මෙන්ම එම ආශ්‍රිතව ලොව පුරා දන්න බිඳ වැටීම් පවා ඇති විය හැකියි. රෝහල්, බන්ධනාගාර ආශ්‍රිත ප්‍රශ්න ඇති කෙරෙනවා. මහජන ආයතනයක හදිසි ගිනි ගැනීමේ පුවතක් ද ඔබට අසන්නට ලැබෙනවා. තත්කාල කේන්ද්‍රයේ සඳු 22 වන දෙර්කානාධිපතිට අයත්ව ගමන් කර තිබීම හේතුවෙන් ජල විපත් තවදුරටත් සිදු විය හැකියි.
මේ අනුව බුධගේ මේෂ රාශිගත වීම ලග්න 12ට බලපාන ආකාරය කෙසේදැයි බලමු.

මේෂ ලග්නය
මේෂ ලග්න ඔබ කේන්ද්‍රයේ ලග්නගතව බුධ ගෝචර වේ. කෙලින් තීන්දු තීරණ ගන්නා කාලයකි. ඔබට අනපේක්ෂිතමුදල් ලාභ ලැබීමට ඇති බවක් පෙන්නුම් කරයි. මානසික පීඩා, සිත් තැවුල් ප්‍රබලව ඇති විය හැකි දින කිහිපයකි.

වෘෂභ ලග්නය
වෘෂභ ලග්න ඔබ කේන්ද්‍රය තුළ 2 අධිපති වෙමින් දොළොස්වැන්න තුළ බුධ ගෝචර වේ. වැය පස අධික වේ. ඔබට යම් යම් අසනීප තත්ත්ව හේතුවෙන් රෝහල්ගනව ප්‍රතිකාර ගැනීමට සිදු වන කාලයකි. ජනප්‍රිය, කීර්තිය, ප්‍රසිද්ධිය ඔබට ලැබිය හැකි දින කිහිපයකි. අධ්‍යාපනයේ නියැලී සිටි දරුවන්ට උනන්දුව අඩුවීම් ඇති කරනු ලබයි.

මිථුන ලග්නය
මිථුන ලග්න ඔබ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙමින් අයස්ථානගතව බුධ ගෝචර වේ. ලැබීම් සහිතයි. විදෙස් ගතව සිටින අයකුගෙන් උදව් උපකාර හිමි විය හැකි දින කිහිපයකි. රැකියාවේ තමන්ට පැවරෙන රාජකාරිය අභියෝගාත්මක විය හැකිය.

කටක ලග්නය
කටක ලග්න ඔබ කේන්ද්‍රයේ තුන අධිපති වෙමින් කර්මස්ථාන ගතව බුධ ගෝචර වේ. රැකියාවේ දියුණුව ඇති විය හැකි දින කිහිපයකි. ලැබීම් සහිතයි. බාල සහෝදරයන්ගෙන් උදව් උපකාර හිමි විය හැකි බවක් පෙන්නුම් කරයි.

සිංහ ලග්නය
සිංහ ලග්න ඔබ කේන්ද්‍රයේ 2 අධිපති වෙමින් නවවැන්න තුළ බුධ ගෝචර වේ. ලැබීම් සහිතයි. රැකියාව තුළ ඔබට උසස් තනතුරු පවා හිමි විය හැකි දින කිහිපයකි. ඉක්මන් කන්කම හේතුවෙන් යම් යම් දේ අහිමි වන බවක්ද ඇති විය හැක.

කන්‍යා ලග්නය
කන්‍යා ලග්න ඔබ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙමින් අටවැන්න තුළ බුධ ගෝචර වේ. තමාගේ කීර්ති නාමයට හානි ඇති වන පුවත් අසන්නට ලැබිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. ලැබීම් සහිතයි.

තුලා ලග්නය
තුලා ලග්න ඔබ කේන්ද්‍රයේ නවය අධිපති වෙමින් හත්වැන්න තුළ බුධ ගෝචර වේ. පෙර පින ඇති විය හැකි කාලයකි. සිතේ ව්‍යාකූල ගති ඇති විය හැකි බවක්ද පෙන්නුම් කරයි. උදරගත අසනීප තත්ත්ව ඒමට පිළිවන.

වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න ඔබ කේන්ද්‍රයේ අට අධිපති වෙමින් හය වැන්න තුළ බුධ ගෝචර වේ. විපරීත යෝග බලයක් පවතින කාලයකි. ඔබට නොසිතූ අවස්ථාවන්වලදී තනතුරු නිලතල දැරීමට පවා භාග්‍ය හිමි වන කාලයක් ද වේ.

ධනු ලග්නය
ධනු ලග්න ඔබ කේන්ද්‍රයේ බාධක ග්‍රහයා වෙමින් විද්‍යාස්ථාන ගතව බුධ ගෝචර වේ. කරන කියන කටයුතු වලට බාධක තත්ත්ව ඒමට පිළිවන. අට අධිපති කර්මස්ථාන ගත වීම හේතුවෙන් රැකියාවේ ගැටලු ඇති වීමට පු`ඵවන. ඉවසීම අඩු කරයි.

මකර ලග්නය
මකර ලග්න ඔබ කේන්ද්‍රයේ නවය අධිපති වෙමින් හතර වැන්න තුළ බුධ ගෝචර වේ. පෙර පින් මතු වන කාලයකි. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට තරග ජය හිමි වේ.

මකර ලග්නය
මකර ලග්න ඔබ කේන්ද්‍රයේ නවය අධිපති වෙමින් හතර වැන්න තුළ බුධ ගෝචර වේ. පෙර පින් මතු වන කාලයකි. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට තරග ජය හිමි වේ.

කුම්භ ලග්නය
කුම්භ ලග්න ඔබ කේන්ද්‍රයේ පහ අධිපති වෙමින් තෙවෙනි භාවය තුළ බුධ ගෝචර වේ. සහෝදරයන් අතර ප්‍රධානත්වය හිමි වේ. මානසික පීඩා ප්‍රබලව ඇති කරයි. ඔබගේ වචන හේතුවෙන් බොහෝ අය ඔබගෙන් දුරස්වීම් පවා ඇති කරයි.

මීන ලග්නය
මීන ලග්න ඔබ කේන්ද්‍රයේ බාධක ග්‍රහයා වෙමින් ධනස්තාන ගතව බුධ ගෝචර වේ. ධනය අතින් ඔබට යම් යම් ගැටලු ඒමට පිළිවන. තරමක් ආවේගශීලී ගති ඔබ තුළින් ඇති විය හැක.

දිවයින පුවත්පත ඇසුරෙන්.. 

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka