gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

අනියම් පෙමක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ වටවල පදිංචි තරුණ මවට නිවන් සුව!

වටවල, වැලිඔය වත්තේ පදිංචිව සිටි 27 හැවිරිදි එක්දරු මවක් වන ෂන්මුගනාදන් තිලකරාණි නමැති කාන්තාව සිය සැමියා විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව වටවල පොලිසිය පවසයි.

විදෙස්ගතව සිට පැමිණීමෙන් පසු සිය සැමියා සමඟ ගලහා පුපුරස්ස ප්‍රදේශයේ ජීවත් වූ ඇය, මීට සති දෙකකට පමණ පෙර සිය දරුවා ද සමඟ යළිත් වටවල පිහිටි සිය මවගේ නිවසට පැමිණ තිබේ. 

එහිදී ඇය එම වත්තේම තරුණයෙකු සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඒ පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් කරුණු දැනගත් සැමියා පැමිණ ඊට දැඩි ලෙස විරෝධය පළ කරමින් ඇයට අවවාද කර ඇත.

මෙම ආරවුල දුරදිග යාමෙන් පසුගිය 16 වනදා පස්වරුවේ සිට දෙදෙනා අතර දැඩි බහින්බස්වීම් සිදුවී ඇති අතර, එහි ඛේදනීය ප්‍රතිඵලයක් ලෙස 17 වනදා අලුයම ඇය නිදා සිටි යහනේදීම සැමියා විසින් මෙම ඝාතනය සිදු කර තිබේ. 

සිද්ධියට සම්බන්ධ 30 හැවිරිදි සැකකාර සැමියා සහ ඇයගේ අනියම් පෙම්වතා වටවල පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අපරාධය සම්බන්ධයෙන් වටවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka