ටෙහෙරාන් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය ඇතුළු ඉරාන සරසවි දෙකකට එල්ල වූ ප්‍රහාරවලට පළිගැනීමක් වශයෙන්, මැදපෙරදිග කලාපයේ පිහිටි ඇමරිකානු සහ ඊශ්‍රායල විශ්වවිද්‍යාල "නීත්‍යානුකූල ඉලක්ක" ලෙස සලකා ප්‍රහාර එල්ල කරන බවට ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඉරානයට එල්ල වූ එම බෝම්බ ප්‍රහාර ඇමරිකාව විසින් හෙළා නොදකින්නේ නම්, එළඹෙන අඟහරුවාදා (මාර්තු 30) දේශීය වේලාවෙන් මධ්‍යහ්න 12:00 න් පසුව මෙම ප්‍රතිප්‍රහාර දියත් කරන බවට ඔවුන් නිවේදනය කර ඇත.
මෙම අවදානම් සහගත තත්ත්වය හමුවේ අදාළ ඇමරිකානු සහ ඊශ්‍රායල විශ්වවිද්‍යාලවල සිසුන්ට, කාර්ය මණ්ඩලයට සහ අවට පදිංචිකරුවන්ට සිය ආරක්ෂාව වෙනුවෙන් එම ආයතනවල සිට අවම වශයෙන් කිලෝමීටරයක දුරක් පවත්වා ගන්නා ලෙසට ද ඉරානය දැනුම් දී තිබේ.
මේ වන විට මැදපෙරදිග ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනවල ආරක්ෂාව දැඩි කර ඇති අතර, යුදමය වාතාවරණයක් තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය මෙලෙස සෘජු ඉලක්කයක් බවට පත්වීම ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අවධානයට මෙන්ම සිසුන්ගේ හා දෙමාපියන්ගේ දැඩි භීතියට ද හේතු වී ඇත.
