ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති සුපිරි 8 වටයේ තරගයට පෙර මහනුවර ප්‍රදේශයේ හෝටලයකදී කාන්තා සේවිකාවක් සමඟ අශෝභන ලෙස හැසිරුණු පාකිස්ථාන ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් දඩ නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තරගාවලිය අතරතුර ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන පසුබිමක මෙම සිදුවීම ප්‍රධාන පුවත් මවන්නක් බවට පත්ව තිබේ.
අදාළ විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ පාකිස්ථාන කණ්ඩායම නවාතැන් ගෙන සිටි මහනුවර ප්‍රදේශයේ පිහිටි තරු පන්තියේ හෝටලයකිනි.
එහි ගෘහ පාලන අංශයේ (Housekeeping) සේවයේ නියුතු කාන්තාවක් සමඟ අදාළ ක්‍රීඩකයා මෙලෙස අනිසි අන්දමින් හැසිරී ඇති අතර, ඒ සම්බන්ධයෙන් කරුණු තහවුරු වීමෙන් අනතුරුව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයාට එරෙහිව මෙම දැඩි විනය ක්‍රියාමාර්ගය ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
