gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඉරාන ප‍්‍රහාරයට මැරින් බලකායට නියෝග නිකුත් කරයි

ගෝලීය සිදුවීම් හමුවේ ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි බලපෑම් සලකා බලා, ඕනෑම මොහොතක සටන් බිමට අවතීර්ණ වීමට උපරිම සූදානමකින් පසුවන ලෙස ඇමරිකානු මැරීන් බලකා සහ මැරීන් බලකා දකුණු විධානයේ අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් ලෙනාඩ් එෆ්. ඇන්ඩර්සන්  සිය සෙබළුන්ට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

මෙම ලිපිය මගින් ඔහු අවධාරණය කරන්නේ වර්තමානය යනු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණාත්මක මොහොතක් බවයි. විශේෂයෙන්ම ඉරානය ආශ්‍රිත මෙහෙයුම් සඳහා දැනටමත් හමුදා කණ්ඩායම් සම්බන්ධ වී සිටින අතර බටහිර අර්ධගෝලයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා සෙබළුන් ස්ථාපිත කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.

සෙබළුන් හට සෘජු ප්‍රශ්න කිහිපයක් යොමු කරමින් ජෙනරාල්වරයා පවසා සිටින්නේ, ක්ෂණික මෙහෙයුමක් සඳහා කැඳවීමක් ලැබුණු විට තම යුධ උපකරණ සහ පෞද්ගලික කටයුතු සූදානම්ද යන්න සෑම සෙබළෙකුම වගකීමෙන් පරීක්ෂා කළ යුතු බවයි.

"ඔබේ නිපුණතා මුවහත් කර තිබේද? ප්‍රමිතීන් ඉහළින්ම පවත්වා ගන්නේද? ක්ෂණික ගමනක් සඳහා ඔබේ ආයුධ සහ ඇඳුම් සූදානම්ද? ඔබේ පවුලේ කටයුතු පිළිවෙළක් කර තිබේද? යනුවෙන් ඔහු විමසා සිටියි. 

රාජකාරිය සඳහා කැඳවීමක් ලැබුණු විට සූදානම පිළිබඳව ප්‍රශ්න නොකරන බවත්, එය සෙබළා සතු පෙර සූදානම මත තීරණය වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

සතුරන් ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක විය හැකි බැවින්, මහා පරිමාණ බලමුලු ගැන්වීමක් යනු හුදු සිද්ධාන්තයක් නොව යථාර්ථයක් බවට පත්විය හැකි බවට ඔහු අනතුරු අඟවයි. 

සෙබළෙකුගේ සූදානම මනිනු ලබන්නේ ඔවුන්ගේ අභිලාෂයන්ගෙන් නොව, මේ මොහොතේ ඔවුන් සතු හැකියාවන්ගෙන් බවත්, එබැවින් දෛනික පුහුණුව සහ විනය අකුරටම ඉටු කරන ලෙසත් ලුතිනන් ජෙනරාල් ලෙනාඩ් එෆ්. ඇන්ඩර්සන් එම නියෝගයේ සටහන් කර ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka