gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඉරානයේ නව උත්තරීතර නායකයා රහසිගතව රුසියාවට! පුටින්ගේ මාලිගාවකදී ජීවිතාරක්ෂක සැත්කමකට භාජනය වෙයි!

පසුගියදා ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් වූ මොජ්තබා ඛමේනි මේ වන විට දැඩි ලෙස තුවාල ලබා රහසිගතව රුසියාවට රැගෙන ගොස් ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු හෙළි කර තිබෙනවා.
කුවේට් මාධ්‍ය සහ බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරානයේ පවතින දැඩි ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍ර#හාර හේතුවෙන් ඔහුට ඉරානය තුළ ප්‍රතිකාර කිරීම කළ නොහැකි වී ඇත. මේ නිසා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සෘජු මැදිහත්වීම මත, විශේෂ හමුදා ගුවන් යානයකින් මොජ්තබාව මොස්කව් නුවරට රැගෙන ගොස් තිබේ.
මොහුගේ ජීවිතාරක්ෂක ශල්‍යකර්මය සිදු කර ඇත්තේ රුසියානු ජනාධිපතිවරයාගේ නිල මාලිගාවකදී වන අතර, එය සාර්ථක වූ බවද වාර්තා වේ. කෙසේ වෙතත් ඇතැම් රහසිගත ආරංචි මාර්ග පවසන්නේ ඔහුගේ කකුලක් හෝ කකුල් දෙකම කපා ඉවත් කර ඇති බවත්, අක්මාවට හා ආමාශයටද දැඩි හානි සිදුවී ඔහු කෝමා තත්වයක පසුවන බවත්ය.

ඉරානයේ ප්‍රමුඛ පෙළේ ශල්‍ය වෛද්‍යවරයෙකු මෙන්ම සෞඛ්‍ය ඇමතිවරයා ද වන වෛද්‍ය මොහොමඩ්-රේසා සෆාර්ගන්ඩි විසින් මෙම ප්‍රතිකාර කටයුතු සිදුකරන බව කියැවේ.

🇺🇸 ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා පවසා ඇත්තේ ඉරාන නායකයා දැඩි ලෙස තුවාල ලබා හෝ කෝමා තත්වයක සිටින බවට තමන් විශ්වාස කරන බවයි.​

මේ වන විට ඉරාන හමුදා ප්‍රධානීන්ට තම නව නායකයාගේ සෞඛ්‍ය තත්වය ගැන හෝ ඔහු ජීවතුන් අතර සිටිනවාද යන්න පිළිබඳව කිසිදු නිල දැනුම්දීමක් ලැබී නොමැති බවද සඳහන් වේ. කෙසේ නමුත්, ඔහු වෙනුවෙන් රූපවාහිනියේ නිවේදකයෙකු මගින් නිකුත් කළ පළමු නිල නිවේදනයේදී කලාපයේ ඇති ඇමෙරිකානු කඳවුරු ඉවත් කළ යුතු බවත්, තම පියාගේ මරණය වෙනුවෙන් අනිවාර්යයෙන්ම පළිගන්නා බවත් අවධාරණය කර තිබුණි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka