gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ගෙදරින් පිට වෙලා යනකොට ශීතකරණයට කාසියක් දාලා යන්න හේතුව ඇසුවොත් ඔබ පුදුම වේවී

නිවසින් පිටවෙලා යනකොට ශීතකරණයට කාසියක් දමා යන්න. ඇත්තටම ඇයි අපි ඔබට එහෙම කතාවක් කියන්නේ. බැලු බැල්මට නම් අපි කියන මේ කතාව තේරුමක් නැති කතාවක් කියල ඔයාට හිතෙනවා ඇති නමුත් මේ ක්‍රියාව නිසාවෙන් අනතුරු බහුල රටවල් වල මිනිස් ජීවිත දහස් ගණනක් මරණයෙන් බේරිලා තියෙනවා.

ශීතකරණයක් කියන්නේ අපි එදිනෙදා පරිභෝජනයට ගන්න ආහාර නැවුම් ලෙස තබා ගැනීම සදහා යොදාගන්න උපකරණයක්. හැබැයි ශීතකරණය නොනවත්වා ක්‍රියාත්මක වෙන්න විදුලිය අවශ්‍යයි. පැය කිහිපයක හදීසී විදුලි බිද වැටීමක් නිසා ශීතකරණය තුළ ගබඩා කර තිබෙන මස් වර්ග වල ඉදන් කිරි වැනි දියර ආහාර වර්ග වෙනකම්ම ආහාර නරක්වීමේ අවදානමක් තිබෙනවා.

මෙවැනි අවස්ථාවක අපි මේ ආහාර අනුභව කළොත් එය අපේ සෞඛ්‍යයට ඉතාමත් අහිතකර තත්ත්වයක් වෙනවා. ගොඩාක් වෙලාවට අපි විනෝද ගමනක් හෝ වෙනත් කිසියම්  ගමනක් සදහා නිවසින් දවස් කිහිපයක් එළියට ගිහිල්ලා නැවත ගෙදර එනවිට ශීතකරණය ඇතුළේ තිබුණු කෑම ගැන අපට විශ්වාසයක් තියන්න බැහැ. ඇයි අපි දන්නේ නැහැනේ නිවසේ රැදී නොසිටි දිනවල විදුලිය විසන්ධි වෙලා තිබිලද කියලා.

ඒ වගේ වෙලාවක අපිට කරන්න තියෙන්නේ ශීතකරණයේ තියෙන කෑම ටික විසිකර දාන එක තමයි. නමුත් විදුලිය බිදවැටීමක් සිදුවුණා ද කියල හොයාගන්න ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි ශීතකරණයේ ඉහළ කොටස තුළ වතුර වීදුරුවක් තියලා ඒ වතුර අයිස් බවට පත් වුනාට පස්සේ ඒක උඩින් කාසියක් තියන එක

ඉතින් විදුලිය ගොඩාක් වෙලා විසන්ධි වෙලා තිබුනොත් මේ වීදුරුවේ අයිස් බවට පත්වෙලා කාසිය වීදුරුවේ පහළටම බහිනවා. ඉතින් ඔයාට ගෙදර ඇවිල්ලා බලන්න තියෙන්නේ කාසිය වීදුරුවේ කොහොමද තියෙන්නේ කියල විතරයි. කාසිය තිබුණු විදිහටම වීදුරුවේ උඩ තියෙනවානම් ඔයාට කිසිම බයක් නැතුව ශීතකරණයේ තියෙන ඕනෑම කෑම වර්ගයක් කන්න පුළුවන්. බලන්න මොන තරම් සරලද කියලා. 

ඇත්තටම මේ ක්‍රමය හොයාගෙන තියෙන්නේ ඇමරිකාවේ පුද්ගලයෙක් . එරට සමහර ප්‍රෙදේශවලට වසරකට කිහිප වරක් සුළි කුනාටු එන නිසා ඔවුන්ට නිවෙස් අතහැර දින කිහිපයක් කදවුරු වල රැදී සිටින්න වෙනවා. ඉතින් කුනාටුව ඉවරවෙලා නැවත ගෙදර එනකොට කෑමවල සෞඛ්‍ය ආරක්ෂිත බව සොයාගන්න තමයි මේ පුද්ගලයා මේ ක්‍රමය හොයාගෙන තියෙන්නේ. ඔහුට ස්තූතිවන්ත වෙන්න වර්තමානයේ ලොව රටවල් ගණනාවක මිනිසුන් මේ ක්‍රමය භාවිතා කරනවා.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka