gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

විදෙස් ගත වූ සැමියාටද මුසාවක් පවසා ඇය කළ ඒ නොහොඹිනා වැඩේ මොකක්ද..? මායම් හැටහතරෙන් ගානට වැඩක් ගත්ත ලේලිය, මාමණ්ඩියට අපූරු යෝජනාවක් කරයි

ඇත්තටම ඇය ඒ නිවසේ පවත්වාගත්තේ හොඳම රංගනයක්.

සැමියා නිවසේ නැති අතරේ මේ ඇයගේ තවත් උපක්‍රමයක් ගැන කතාවක්. 

ලේලියගේ හැටහතර මායමට හසුවී යළි ගොඩඑන්න බැරි ආකාරයට වළට ඇද වැටුණු මාමණ්ඩියක පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබෙනවා.

පුතා, මුණුපුරා සහ ලේලිය සමග මේ පුද්ගලයා ජීවත්වූවේ තමාගේ නමට තිබූ ගේදොරේය. මේ ලේලිය සිය මාමණ්ඩියට සැලකුවේ මාමණ්ඩියකට ලේලියක සලකන ආකාරයට නොව දුවක පියකුට සලකන ආකාරයටයි. ඇය ඔහුගේ කෑම බීම ගැන සෙව්වා. ඇඳුම් පැළඳුම් ගැන සෙව්වා.

ඥාති නිවසක මේ මාමණ්ඩිය ගියත් ඇය ඔහු සිය නිවසට අඬගසාගෙන ආවා. දවසක් දෙකක්වත් පිට තැනක සිටීමට ඇය ඉඩ නොදුන්නා.

මේ පුද්ගලයාගේ පුතා සිය භාර්යාව පියාට සලකන ආකාරය පිළිබඳව සිටියේ ඇය ගැන ලොකු පැහැදීමකින්.

ආර්ථික අහේනියත් සමගම පුතා විදෙස්ගතවූවේ එයින් මිදීමට‍යි. පුතා විදෙස්ගතව සිටි කාලයේදී පුතා සිටියාටත් වඩා හොඳින් ඇය සිය මාමණ්ඩිය බලාකියා ගත්තා.

මේ පිළිබඳව මේ මාමණ්ඩිය සිය ලේලිය ගැන සුබ සිහින දල්වාගෙන සිටියා. මේ ලේලියක් නොව තමාගේ ලෙයින් උපන් දුවක යැයි ඔහු සිතුවා. ඊට හේතු සාධක රැසක්ම තිබුණා.

ඔය අතරේ ලේලිය සිය මාමණ්ඩියට අපූරු යෝජනාවක් කළා. ඒ මුණුපුරා පාසලට දමා ගැනීමට ඔප්පුවට ලකුණු තිස්පහක් ලැබෙන බවත් ඒ නිසා තමාගේ නමට ගේ ඉඩමේ ඔප්පුව ලියන ලෙසයි. ඊට මේ මාමණ්ඩියගෙන් කිසිදු විරෝධතාවක් පැන නොනැග්ගා. ඔහු එක පයින්ම කැමති වුණා.

ඇයගේ නමට ගේ ඉඩම ලියා ගතවූවේ ටික කාලයකි. නියම දුවක ලෙස සැලකූ තමාට ලේලිය ටිකෙන් ටික වෙනස්කම් කිරීමට පටන් ගන්නා බව ඔහුට තේරුම් ගියේය. රැව්වේය. ගෙරෙව්වේය. බැන්නේය.

පුතාගේ ද පියා පිළිබඳව සිත කැඩුවා. පල නොකියා පලා බෙදීම නිසා මේ මාමණ්ඩිය ඥාති නිවසකට ගියා. එයින් තව තැන්වලටත් මාරුවෙන් මාරුවට ගියා.

ලේලිය එදා සැලකූ මාමණ්ඩියට මෙසේ සැලකීමට හේතුව සොයා බැලූ ඥාතීන්ට දැනගන්නට ලැබී ඇත්තේ ඇය මේ මායම් හැටහතරම දමා ඇත්තේ මාමණ්ඩියගේ නමට තිබූ ගේ ඉඩම ලියාගන්න තෙක් බවයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka